කොවිඩ් ඉවර වුවත් උතුරේ ආරක්ෂක මුරපොල ඉවත් කරන්නෙ නෑ…

ආරක්ෂක අංශ ප්‍රධානීහු කියති...

දිනසේන රතුගමගේ –

ඇදිරි නීතිය ලිහිල් කොට ගමනා ගමන කටයුතු යථා තත්ත්වයට පත් කොට ඇතත් උතුරේ ආරක්ෂාව වෙණුවෙන් යොදවා ඇති ආරක්ෂක මුරපොලවල් හා සෝදීසි කිරීමේ ස්ථාන කිසිසේත්ම ඉවත් නොකරණ බව උතුරු ප්‍රදේශයේ ආරක්ෂක අංශ ප්‍රධානියෙකු 9 දා පැවසීය.

කොරෝනා වසංගතය අවසන් නිසා උතුරු ප්‍රදේශයේ පිහිටුවා ඇති මුර කපොලු හා සෝදීසි කිරීමේ මධ්‍යස්ථාන ඉවත් කරණ ලෙස උතුරේ ප්‍රාදේශීය දේෂපාලනඥයින් හා සිවිල් සංවිධාන ගණනාවක පිරිස් ආරක්ෂක අංශ වලින් ඉල්ලා ඇතත් එම මුරකපොලු හා සෝදීසි කිරීමේ ස්ථාන ඉවත් කල නොහැකි බවද එම නිලධාරියා පැවසීය.

මේ මුරකපොලු හා සෝදීසි කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවීමේ එක් අරමුණක් කොරෝනා වසංගතය මැඩ පැවැත්වීම වූවත් ඊට අමතරව මේ ස්ථාන පිහිටුවීම කෙරෙහි බල පෑ තවත් අරමුණු රාශියක්ම ඇති බවද ඔහු කියා සිටියේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහමැතිවරණය සදහා දින නියම වීමෙන් පසුව යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ වවුනියාවේ ඊරට්ටපෙරියකුලමේ සිට කන්කසන්තුරය දක්වා තවත් අමතර මුරකපොලු හා පරීක්ෂා කිරීමේ ස්ථාන අලුතින්  පිහිටුවීමට ඉඩ ඇති බවද උතුරු පළාතේ ආරක්ෂක අංශ නිලධාරියා පැවසීය.

Exit mobile version