කොවිඩ් ආසාදිත හෘද රෝගියෙක් නිසා ජාතික රෝහලේ 34-36 වාට්ටු වසයි..

රෝගීන් වාට්ටු තුළම නිරෝධායනයට...

Genaral-Hospital

ජාතික රෝහල

ශ්‍රියානි විජේසිංහ –                                          

කොරෝනා රෝගියෙකු හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ  34 සහ 36 යන යන හෘද රෝග වාට්ටු දෙකකට රෝගීන් ඇතුළත් කර ගැනීම සම්පූර්ණයෙන්ම නතර කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

හෘද සැත්කමක් සදහා රෝහල් ගත කල ජාඇල ප්‍රදේශයේ රෝගියෙකු කොරෝනා රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් සිදුකළ පීසීආර් පරික්ෂණයේදී ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විනැයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

මෙම තහවුරු වීමත් සමග එම රෝගියා අයිඩීඑච් රෝහල වෙත මාරු කර හැරීමටත් අදාල වාට්ටු දෙකේ ප්‍රතිකාර ලැබූ රෝගීන්ව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් තවදුරටත් රෝහල තුළම රදවා ගැනීමට තීරණය කර ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අදාල වාට්ටු දෙකේ සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ට හා රෝගීන්ට පීසීආර් පරික්ෂණ සිදුකිරීම ආරම්භ කර ඇතැයිද සදහන් වේ.

 

Exit mobile version