කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 02 යි…මරණයට ආසන්නම හේතු අනුව කොවිඩ් මරණ 01යි

මරණ දෙකම කොළඹ 13න්.. එක් මරණයක් නිවසක් තුළ

තවත් කොවිඩ් මරණයක්  රජය නිවේදනය කරන්නේය.

ඒ කොළඹ 13 පදිංචි අවුරුදු 79ක් වයස කාන්තාවකි.   කාන්තාව ඊයේ සිය නිවසේ දී මියගොස් තිබේ.  කොවිඩ් ආසාදිත බව දැනගන්නේ මරණ පරීක්ෂණයේ දී ය.

කොළඹ 13 ප්‍රදේශයේම  78 හැවිරිදි  පිිරිමි පුද්ගලයෙක්    නිවසේ සිදුවූ ඇදවැටීමකින් හිසට සිදුවූ හානි සහිතව රෝහල්ගත කර තිබේ. පසුගිය 02දා රෝහල්ගත කළ මෙම පුද්ගලයා අද ( 03) මිය ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඔහුත් කොවිඩ් ආසාදිතයෙක් බව වාර්තා වී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මරණයට ආසන්නම හේතුව සලකා බලා එය කොවිඩ් මරණයක් ලෙස නම් නොකිරීමට රජය තීන්දු කර තිබේ.

 

Exit mobile version