කොවිඩ් ආසාදිත නාවික සෙබලු දෙදෙනෙක් නිසා රණවිරු සැමරුමේ සැලසුම වෙනස් වෙයි

කොවිඩ් 19 ආසාදිත වූ නාවික සෙබලුන් දෙදෙනෙක් රණවිරු සමරු උත්සවයට අදාල පුහුණු වීම් කටයුතු සඳහා එවීම නිසා අද (19 ) සවස බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වීමට සූදානම්ව තිබූ යුද ජයග්‍රහණයේ 11 වැනි සමරු උත්සවයේ කටයුතු සැලසුම් කළ ආකාරයට පැවැත්වීමට නොහැකි වී තිබේ.

කොවිඩ් 19 පරීක්ෂාවට ලක්කළ  නාවික හමුදා සෙබලුන් පිරිසක් රණවිරු සැමරුම් උළෙලේ පෙර පුහුණු වීම් කටයුතු සඳහා යෙදවීමට නාවික හමුදාව කටයුතු කිරීමත්,  පෙරේදා (17) සවස් වනවිට එම සෙබලුන්ගෙන් දෙදෙනෙකු කොවිඩ් 19 ආසාදිතයන් බවට තහවුරු වීමත් නිසා මේ අනපේක්ෂිත තත්වය උද්ගත වී ඇත.

මේ හේතුවෙන් එම සෙබලුන් ආසන්නයේ පුහුණුවීම් කළ සහ ගමනාගමනයේ යෙදුණු නාවික හමුදාවේ විශාල පිරිසක් හා පොලිසියේ 122 ක් වහාම නිරෝධායනය සඳහා යොමු කර තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පසුබිම තුළ පැමිණි අභියෝගය කලමනාකරණය කරගෙන රණවිරු සැමරුම් උත්සවය තව ස්වල්ප වේලාවකින් හැකි උපරිම අයුරින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

Exit mobile version