කොවිඩ් ආසාදිත තවත් ගැබිණි මවක් මිය යයි!

දිනසේන රතුගමගේ-

යාපනය ශීක්ෂණ රෝහලේදී දරු ප්‍රසූතියක් සිදු කළ තවත් මවක් කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් 15 දා මියගොස් තිබේ.

සතීස්කුමාර් අබිනියා

යාපනයේ අලවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි 42 හවිරිදි මවක් වන සතීස්කුමාර් අබිනියා නැමති මෙම කාන්තාව දරු ප්‍රසූතිය ආසන්නයේදී කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කොට ඇති අතර ඇය සම්බන්ධයෙන් සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණයේදී  ඇයට කොරෝනා රෝගය වැළදී ඇති බව තහවුරු වී තිබේ.

දරු ප්‍රසූතියෙන් පසුව ඇයගේ රෝගය උත්සන්න වී ඇය මියගිය අතර ප්‍රසුත කළ දරුවා යාපනය ශීක්ෂණ රෝහලේ දැඩි  සෞඛ්‍ය ආරක්ෂාව මධ්‍යයේ තබා ඇත  


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මියගිය කාන්තාවගේ මළ සිරුර  සෞඛ්‍ය නීති රීති වලට අනුව අද ( 16)   යාපනයේ පොම්මාවේලී ආදාහනාගාරයේදී ආදාහනය කිරීමට පියවර ගෙන තිබේ

Exit mobile version