කොවිඩ් ආසාදිත කතගේ 16 හැවිරිදි දියණියටත් වෛරස ආසාදනය වෙයි..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති  දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි  ඇගලුම් සේවිකාවකගේ 16 හැවිරිදි දියණියටද එම වෛරසය ආසාදනයවි ඇති බව අද (04) තහවුරු වූයේය.

හබරාදුව නිරෝධායක මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටිය දී  සිදුකළ පි. සි.ආර්. පරික්ෂණයේ දි ඇයට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වූ අයුරු හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමොද සිරිවර්ධන වාර්තා කළේය.

ඇය කොළඹ අයි.ඩී.එච් රෝහලට මාරු කිරීමට කටයුතු යොදා තිබේ.


මෙම අගලුම් සේවිකාවගේ සැමියා ඇතුළු දරුවන් 04 දෙනා ද පියා ද   පි. සි.ආර් පරික්ෂණවලට ලක් කර තිබිණි. එහෙත් පී.සී.ආර් පරීක්ෂණ තහවුරු කරන ආකාරයට  දියණියට හැර පවුලේ අනික් සාමාජිකයින් 05 දෙනාට වෛරසය ආසාදනය වී නැත.   ඔවුන් පස් දෙනාගේ දෙවන පීසීආර් පරීක්ෂණය හෙට සිදු කිරීමට නියමිතව තිබේ.

 

 

Exit mobile version