කොවිඩ් ආශ්‍රිත පාදෙණියගේ නිවසට පැමිණි පී.එච්.අයි. මහත්තුරුන්ට දොර වැසේ…

Covid infected doctor had attended party at Padeniya's residence on Jan 8

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ගේ නිවසේ පැවති උත්සවයකට සහභාගී වු වෛද්‍යවරයකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වූ පසු මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ නියමයෙන් ආශ්‍රිතයන් නිරෝධායනය කිරීමට අනුරුද්ධ පාදෙණියගේ නිවසට  ගිය ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනකුට නිවසට ඇතුළු වීමට නොදී විදුලිය විසන්ධි කර පාදෙණිය විසින් ඔවුන් පළවා හැරි පුවතක් අරුණ පුවත්පත අද වාර්තා කළේය.

අරුණ පුවත්පත වාර්තා කරන ආකාරයට සිද්ධිය මෙසේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ කැලණිය දිප්පිටිගොඩ පිහිටි නිවසේ ඔහුගේ හිතවත් පවුල් තුනක් එක් කළ සම්භාෂණයක් පවත්වා තිබේ. ඊට සහාභාගී වූ අවිස්සාවේල්ල රෝහලේ සේවය කරන, මිනුවන්ගොඩ  උග්ගල්ගොඩ ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව ඊයේ ( 13) තහවුරු වී ඇත.


වෛද්‍යවරයා කොවිඩ් ආසාදිතයකු බව හඳුනාගැනීමෙන් පසු ඔහුව ජාතික බෝවන රෝග විද්‍යායතනයට ප්‍රතිකාර සඳහා යොමු කර   ප්‍රියසම්භාෂණයට සහභාගි වූ සියලුදෙනා නිරෝධායනයට ලක්කරන ලෙස මිනුවන්ගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය අනුජ ප්‍රනාන්දු දැනුම් දී ඇත.

ඒ අනුව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනකු වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ නිවසට ඊයේ (13 වැනිදා) රාත්‍රී 7.45 ට පමණ පැමිණ ඔහු නිරෝධායනයට ලක් කිරීමට සූදානම් වුවද එය ව්‍යර්ථ වී ඇත.

ඊට හේතුව වී ඇත්තේ වෛද්‍යවරයා ගේට්ටුව විවර නොකිරීම හා නිවසේ විදුලිය විසන්ධි කිරීමය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි අසීරුතාවට පත්ව කැලණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය වෙත දැනුම් දී තිබේ. ඇය ප්‍රකාශ කර ඇත්තේ අද (14 වැනිදා) උදෑසන ගොස් අනුරුද්ධ පාදෙණිය සම්බන්ධ නිරෝධායන කටයුතු සිදුකරන ලෙසයි.

Exit mobile version