කොවිඩ් අතරතුරත් ශ්‍රී ලාංකිකයින් 21ක් කොරියා රැකියාවලට ගිහින්

කොව්ඩ්-19 වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන් මේ වනවිට නතර වී ඇති විදේශ රැකියා සඳහා පිටත්වීම යළි ආරම්භ කරමින්, දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රි ලාංකික තරුණයින් 21 දෙනෙකු පසුගියදා (23) ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් පිටත්ව ගොස් තිබේ.

මෙම පිරිස කොවිඩ් වසංගතය ව්‍යාප්තවිමට පෙර නිවාඩු ලබා මෙරටට පැමිණි පිරිසක් බව පැවසේ.

ගුවන් ගමන් නවතා දැමීම නිසා නැවත පිටව යාමට නොහැකි වී තිබේ.


කාර්යාංශයේ මැදිහත්වීම මත, කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව හා කොරියානු තානාපති කාර්යාලය සමග සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම පිරිස නැවත පිටත් කිරිමට හැකි වූ බව කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා ප්‍රකාශ කළේය.

මේ වන විට දකුණු කොරියාවේ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 23,000ක් පමණ සේවය කරමින් සිටි.

රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ ඔවුන් රැකියා සඳහා යොමු වූ අය වේ.

ඉදිරියේදී තවත් පිරිස් මෙලෙස දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් කිරීමට කටයුතු යොදා තිබේ.

ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට සකස් කරමින් තිබෙන බවද රන්දෙණිය මහතා ප්‍රකාශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් වසංගතය අතරතුර මීට පෙරද මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් මියන්මාර් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් 160 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගියහ.

Exit mobile version