කොවිඩ්වලට රටක් වටින උත්තරයක් දුන්නු වයඹ ගොවි මහත්තුරු

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන (sapp) සැප් හේතුවෙන් වයඹ පළාත් ගොවීහු, කොවිඩ් 19 න් ලැබූ පරාජයට අභියෝග කරමින් ජයග්‍රහණය අත් කර ගත්හ.

මහවැලි , කෘෂිකර්ම , වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව , ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මේ සඳහා දායකත්වය සපයා ඇත.

මෙම වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අක්කර 353ක කව්පි වගා කර ඇති අතර, පුත්තලම දිස්ත්‍රික්කයේ කව්පි වගා කල බිම් ප්‍රමාණය අක්කර 370කි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ අක්කර 260ක බඩ ඉරිගු වගා කර ඇති අතර, පුත්තලම දිස්ත්‍රික්කයේ බඩ ඉරුගු වගා කළ අක්කර ප්‍රමාණය 260කි. මේ වනවිට වගා බිම් හි සාර්ථක ලෙස අස්වනු නෙලා තිබේ.


බොහෝ වගා ව්‍යාපෘතිවලදී බීජ නොමිලේ ලබා දීම, උපදෙස් නොමිලේ ලබා දීම, අස්වනු මිලදී ගැනීම වැනි එක් අංශයකින් ගොවීන් ට සහනයක් වන අතර , සැප් (sapp ) වැඩසටහන යටතේ ඉන් එහාට ගිය සේවාවක් ගොවීන්ට ලැබේ. එනම්, බීජ නොමිලේ ලබා දීම, උපදෙස් නොමිලේ ලබා දීම, අවශ්‍ය උපකරණ නොමිලයේ ලබාදීම , හා අස්වනු මිලදී ගැනීම සිදු කෙරෙන අතර , කිසිදු ව්‍යාපෘතියක නොවන අයුරින් වගාව සඳහා වූ සියලු වියදම් මුදලින් ලබා දීම ද මෙහි විශේෂත්වයකි .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැප් (sapp ) වැඩසටහනේ අධ්‍යක්ෂ ආචාර්ය යසන්තා මාපටුන  ගේ උපදෙස් මත ව්‍යාපාර විශේෂඥ අනුර රූපසිංහ   සහ නියෝජ්‍ය වැඩසටහන් කළමනාකාර සෝමතිලක විජේසිංහ   ඇතුළු නිලධාරිහු මෙමෙ වැඩසටහන ක්‍රියාත්මක කරති. කෘෂිකර්ම සංවර්ධනය සඳහා වු ජාත්‍යන්තර අර මුදල මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ප්‍රතිපාදන සපාය දී ඇත.

Exit mobile version