කොව්ඩ් මරණයට ලක්වන මුස්ලිම් සිරුරු භූමදානය කිරීමේ තීරණය අධිකරණ ඇමැති සබ්රි අපට තහවුරු කළා.

අධිකරණ ඇමති තහවුරු කළා... තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශයට ගිහින් නැතිව ඇති. රාසික් කියයි...

කොව්ඩ් 19 රෝගය හේතුවෙන් මිය යන මුස්ලිම් ජනතාව ආදාහනය නොකොට භූමදානය කිරීමට අදාළ අවසරය ලබා දුන් බව සහ භූගත ජල මට්ටම ට හසු නොවන වියළි ස්ථානයක්  තෝරා ගැනීමට අදාල කටයුතු සිදු කිරීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කළ බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි   තමන් වෙත තහවුරු කළ බව සිලෝන් තව්හිත් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසීක් ලංකාසර ට පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශය එවැනි භූමදාන කිරීමක් සඳහා තවමත් තීරණයක් ගෙන නැති බවට සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර  විසින් ප්‍රකාශ කොට ඇති පසුබිමක ඔහු විසින් ඊයේ කරන ලද ප්‍රකාශය පිළිබඳව විමසූ විට ඔහු ඒ බව කියා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ අපට මේ තීරණය ගැන තහවුරු කළේ අධිකරණ අමාත්‍යතුමා. ඔහු අපට කීවේ ඉස්ලාම් භක්තිකයන් කොවිඩ් රෝගයෙන් මිය ගිය විටෙක ඔවුන් භූමදානය කිරීමට අදාළ අනුමැතිය හිමි වූ බවයි. මීට අදාළ වියළි සුදුසු බිම් සොයා තීරණය කිරීමට විශේෂ කමිටුවත් පත් කිරීමට නියමිත බවත් කියවුණා. ඒ සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ලැබේවි. නමුත් මම හිතන්නේ අදාළ තීරණය පිළිබඳව නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට ගිහින් නැතිව ඇති. කෙසේ වුවද අපි දිගටම මේ ඉල්ලීම කළ සංධානයක් හැටියට ගරු ජනාධිපතිතුමාට ඊයේම ස්තූතිය පළ කළා“ යයි පැවසීය


Exit mobile version