කොරෝනා වෛරසයත් හයිබ්‍රිඩ් වෙයි!

[22/02, 11:20 am] El: 2024 වන විට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් නියත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ලංකාසරට පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ගොඩනගන ආණ්ඩුව පිළිබඳ මේ වන විටත් වත්මන් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු රැසක් සාකච්ඡා ආරම්භ කර තිබෙන බව හෙතෙම අනාවරණය කළේය.

වත්මන් ආණ්ඩුව යන ගමන් මග පිළිබඳ කළකිරී සිටින ආණ්ඩුවේ ඇමතිවරු එම සාකච්ඡාවලදී වහා ඉල්ලා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතාට වහාම පාර්ලිමේන්තුවට පැමිණ බලය ලබාගන්නා වැඩපිළිවෙළ ආරම්භ කරන ලෙස බවද අබේවර්ධන මහතා සඳහන් කළේය.


මීට අමතරව 2024 එක්සත් ජාතික පක්ෂ පාලනයක් ඇති කිරීම සඳහා රටේ ඡන්ද මධ්‍යස්ථාන 12000 ම ආවරණය වන පරිදි පුළුල් වැඩපිළිවෙළක් දියත් කිරීමට තම පක්ෂය සැලසුම් කර තිබෙන බවද ඒ මහතා අනාවරණය කළේය.

පැවති අඩුපාඩු සියල්ල හඳුනාගනිමින් නව දර්ශනයක් නව වැඩපිළිවෙළක් මේ ඔස්සේ ක්‍රියාවට නංවන බව පවසන ඒ මහතා විපක්ෂයේ සිටින සෙසු පක්ෂ වලද ආණ්ඩුවේ සිටින ප්‍රබලයින්ගේ ද සහයෝගය ඇතිව 2024 නව පාලනය බිහි කරන බව ඔහු පැවසීය.
[22/02, 1:11 pm] El: කොරෝනා වෛරසයේ දෙමුහුන් ප්‍රභේදයක් පළමු වරට සොයාගෙන තිබේ. නිව් මෙක්සිකෝහි ලොස් ඇලමොස් ජාතික රසායනාගාරයේ ආචාර්ය බෙට් කෝබර් පවසන්නේ එංගලන්තයේ B117 ප්‍රභේදය සහ අමෙරිකාවේ කැලිෆෝනියාවෙන් හමුවූ B1429 යන ප්‍රභේද දෙකෙහි එකතුවක් ලෙස මෙම නව ප්‍රභේදය හදුනාගත් බවයි.

ඇය පෙන්වා දෙන්නේ මෙය SARS-CoV-2 වෛරසයේ පළමු දෙමුහුන් ප්‍රභේදය බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබද වැඩිදුර විස්තර පළකිරීම සදහා තවත් පර්යේෂණ කළ යුතු බව පවසන ඇය කියාසිටියේ මෙය කොරෝනා වසංගතය නව අදියරකට පැමිණ ඇති බවට හැගවීමක් බවය.

Exit mobile version