කොරෝනා නිසා ඉන්දියානු 74 නිදහස් උළෙල ඉන්දියාවේදි චාම්… ලංකාවේ දී නැටුම්

දිනසේන රතුගමගේ –

ඉන්දියාවේ 74 වෙනි ජාතික නිදහස් සමරු දින උළෙල නිමිත්තෙන් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ විශේෂ උත්සවයක් සංවිධානය කොට තිබුණි.

නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් එස්.බාලචන්ද්‍රන් මහතා විසින් ඉන්දීය ජාතික ධජය එසවීමෙන් පසුව එම උත්සවය ආරම්භ වූ අතර නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා සදහන් කළේ ලොව පුරා පැතිර යන කොරෝනා වෛරස් වසංගතය නිසා ඉන්දියාවට විශාල හානියක් සිදුව ඇති නිසා  ජාතික නිදහස් සමරු  දින උළේ ඉතා චාම්ව සැමරීමට සිදුව ඇති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් ඉන්දීය ජාතික නිදහස් උළෙල නිමිත්තෙන් යාපනයේ පැවති උළෙලේදී නැටුම් ගැයුම් වැයුම් රැසක් මෙන්ම මීට පෙර ඒ නිමිත්තෙන් සංවිධානය් අකරණ ලද කථික රචනා චිත්‍ර තරග වලින් ජයගත් පිරිසට ත්‍යාග පිරිනැමීමද රුක් රෝපණ වඩ සටහනක්ද  පැවැත්වුණි.


Exit mobile version