කොරෝනා කාලේ පෞද්ගලික අංශ වැටුප් සීමාව සැප්තැම්බර් තෙක් දීර්ඝයි

කොවිඩ්-19 වසංගතයේ බලපෑමට ලක්වූ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ මූලික වැටුපෙන් භාගයක් හෝ රුපියල් 14500ක මුදලක් ජූලි සහ සැප්තැම්බර් මාස දෙකෙහි ද ලබාදීම සඳහා පෞද්ගලික අංශය සමග රජය එකඟතාවට පැමිණ තිබේ.

මෙම වසරේ මැයි සහ ජුනි මාස දෙක සඳහා මෙම වැටුප් සීමාව ගෙවීමට පෞද්ගලික අංශයේ සේවායෝජකයන්, වෘත්තීය සමිති හා කම්කරු හා රැකිරක්ෂා අමාත්‍යාංශ නිලධාරීන් සමග එකඟතාවට පැමිණ තිබුණි.

තවදුරටත් වසංගතයෙන් බලපෑම් එල්ල වී ඇති බැවින් පෞද්ගලික අංශයට මෙම වැටුප් සීමාව ඉදිරි මාස දෙක සඳහ ද ගෙවීමට එම පාර්ශ්ව අතර පැවති සාකච්ඡාවලදී එකඟ වී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව ලබන සැප්තැම්බර් මාසය දක්වා එම කාලසීමාව දීර්ඝ කර අදාළ ආකාරයට වැටුප් ගෙවීමට එකඟතාවන් ඇතිකරගෙන ඇති බව විෂයභාර අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දී තිබේ.

Exit mobile version