කොරෝනා ආසාදිත CID නිලධාරියා නිසා නුවරඑළියේ උසාවි වසන්න ඉල්ලීමක්

නුවරඑළිය මහාධිකරණය, දිස්ත්‍රික් අධිකරණය සහ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු මෙම මස 16 දින දක්වා තාවකාලිකව අත්හිටුවන ලෙස එම අධිකරණ භාර විනිසුරුවරුන්ගෙන් අද ඉල්ලිමක් කළ බව නුවරඑළිය නිතිඥ සංගමයේ සභාපති නිතිඥ ගාමිණි සේනානායක මහතා පවසයි.

ඒ කොවිඩ් -19 වෛරසය අසාධනය වු අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු නඩු කටයුත්තක් සඳහා නුවරඑළිය අධිකරණ සංකිර්ණයට පැමිණිම හේතුවෙනි.

නුවරඑළිය නිතිඥ සංගමයේ විශේෂ රැස්විමක් අද පැවැත්විණ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විනිසුරුවන් තිදෙනාගෙන් කළ ඉල්ලීම අධිකරණ සේවා කොමිසන් සභාව වෙත යොමුකර එහි උපදෙස් පරිදි ඉදිරි කටයුතු කරන බවට විනිසුරුවන් තිදෙනා තම සංගමයට දැනුම් දී තිබේ.

Exit mobile version