කොරෝනා ආසාදිත රුසියානුවා ඇතුළු කණ්ඩායම නිරෝධායනය ලක් නොවීම ප්‍රශ්නයක්

මාතර පොල්හේන පරමුල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතිකයින් පහළොස් දෙනෙකු අතරින් එක් අයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට පෙරේදා සිදුකළ PCR පරීක්ෂණයෙන් වූ අතර ඔවුන් පිළිබඳව සොයා බැලීමේදී ඔවුන් මත්තල ගුවන් තොටුපළින් පිටවීමේදී නියමිත නිරෝධායන ක්‍රියාවලියට යොමු කර නොමැති අය බව වාර්තා වේ.

මෙම රෝගී ආසාදිතයා සමඟ තවත් 14 දෙනකු පසුගිය 13 වැනිදා පැමිණ ඇති අතර ඔවුන් නිසි ලෙස දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට යටත් නොකර මත්තල සිට මාතර පොල්හේනේ හෝටලයක් වෙත පැමිණීම සෞඛ්‍ය අංශ අතර පවා ආන්දෝලනයකට ලක් වී තිබේ.

ලංකාසරට අනාවරණය වන අන්දමට මේ මස 13 වැනි දින අළුයම මත්තල ගුවන් තොටුපළට ගුවනින් පැමිණි ඔවුන් එහිදී සිදු කෙරුණු පළමු PCR පරීක්ෂණයේදී ආසාදිතයන් නොවන බවට තහවුරු කිරීමෙන් පසුව මාතර පොල්හේන පරමුල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයට පැමිණ තිබේ. සාමාන්‍යයෙන් විදේශගතව පැමිණෙන ඕනෑම පුද්ගලයකු සෞඛ්‍ය අංශවල අධීක්ෂණය යටතේ දින 14ක නිරෝධායන කාල සීමාවකට යටත් වුවද මෙම රුසියානු ජාතිකයන් පිරිස පොල්හේනේ හෝටලයකට පැමිණෙන බව ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ වෙත දැනුවත් කිරීමක් පවා සිදු කර නොමැති බව අනාවරණය විය.


කෙසේ වුවද මෙම රුසියානු ජාතිකයන් යළිත් චීනයට පිටත්ව යාමට ඇති අවශ්‍යතාවක් මත මෙම පිරිසට යළි මාතර පෞද්ගලික රෝහලකදී පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමේදී එයින් එක් රුසියානුවකු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු කරගෙන තිබේ. එයින් අනතුරුව සෞඛ්‍ය අංශ මඟින් මෙම රෝගී පුද්ගලයා හම්බන්තොට කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර කෙරෙන විශේෂ රෝහලට යැවීමට කටයුතු කර ඇත.

මෙම පිරිස පොල්හේනේ රැඳි සිටි කාලය තුළ කිසිදු ආකාරයකට නිරෝධායනයට ලක් නොවූ බව තහවුරු වන්නේ ඔවුන් මාතර ප්‍රදේශයේ සැරි සරා ඇති ආකාරය පිළිබඳව මේ වනවිට සෞඛ්‍ය අංශ අනාවරණය කර ගැනීමත් සමඟය.

ඔවුන් අතරින් දෙදෙනකු මාතර නූපේ පිහිටි සුපිරි වෙළෙඳ පොළකට ගොස් භාණ්ඩ මිලදී ගෙන ඇති අතර ඔවුන් විනාඩි 45 හතළිස් පහකට ආසන්න කාලයක් එම වෙළෙඳ පොළේ සිටි බවට ඔවුන් පවසා තිබේ.

තවත් දෙදෙනකු මාතර ගාල්ල ප්‍රධාන මාර්ගයේ පොල්හේන මංසන්ධියට ආසන්න තවත් සුපිරි වෙළෙඳ පොළකට ගොස් විනාඩි විස්සකට ආසන්න කාලයක් එම වෙළඳ සැලේ සිට ඇත.

ඔවුන් මෙම වෙළඳසැල්වලට ගොස් ඇත්තේ පොල්හේන පරමුල්ල ප්‍රදේශයේ පදිංචි ගේ ත්‍රිරෝද රථ රියදුරකු ඔහුගේ බිරිඳ හා පාසල් යන වයසේ පසුවන දියණියන් දෙදෙනා ද දෙදෙනාද හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයට මේ වනවිට යොමු කොට ඇත.

ඊයේ රාත්‍රී අටට පමණ මාතර නාගරික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මාතර මූලස්ථාන පොලීසිය හා යුද හමුදා නිලධාරීන් විසින් අදාළ හෝටලය පරීක්ෂා කර එම හෝටලයේ සිටි සේවක මණ්ඩලය පිළිබඳ විමර්ශන කටයුතු සිදු කර හඳුනා ගෙන තිබේ.

ඒ අනුව එම හෝටලයේ සේවකයන් 23 දෙනෙකු ඉකුත් දින කිහිපය තුළ මාරුවෙන් මාරුවට සේවයේ යෙදී ඇති බවට කරුණු අනාවරණය වීමත් සමඟ ඊයේ එම සේවකයන් හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් ඇත.

එහෙත් දෙවන පරීක්ෂණය කිරීමෙන් පසු මෙම සංචාරකයන් පහළොස් දෙනා අතරින් එක් අයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇත.

කොරෝනා ආසාදනය වූ රුසියානු ජාතික පනස් හත් හැවිරිදි කාර්මිකයා හම්බන්තොට කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් ප්‍රතිකාර කෙරෙන රෝහලට පෙරේදා රාත්‍රියේ රැගෙන ගියේය.සෙසු විදේශිකයන් ඇසුරු කළ ආගිය තැන් මාතර මූලස්ථාන පොලීසිය මගින් පොලිසිය මඟින් අනාවරණය කර ගෙන ඇති පොලීසිය මගින් අනාවරණය කරගෙන ඇති අතර එම පිරිස් නිරෝධායනයට යොමු කිරීමට මේ වන විට හඳුනා ගනිමින් පවතී.

මෙම සංචාරක හෝටලයේ සේවකයන් විසි තුන් දෙනාගෙන් පස් දෙනෙකු මාතර අවට පදිංචිකරුවන් වන අතර සෙසු අය දෙනියාය පොළොන්නරුව අම්බලන්තොට ඇඹිලිපිටිය වැනි ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මෙම හෝටලයේ සේවය කර පසුව ඔවුන්ගේ නිවෙස් බලා පසුගිය දින ගොස් ඇත. ඒ හේතුවෙන් එම සේවකයන්ගේ පවුල්ද නිවාස නිරෝධානයට ලක් කිරීමට ඉඩ හමුදාව පියවර ගන්නා බව මාතර සෞඛ්‍ය බලධාරීහු කියති. එමෙන්ම මත්තල සිට මාතර දක්වා වෑන් රථ දෙකකින් මෙම රුසියානු ජාතිකයන් රැගෙන ආ වෑන් රථ දෙකේ රියදුරන් ද මේ වන විට හබරාදුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

මෙම විදේශිකයන් ඇසුරු කළ අය හා ආගිය තැන් මේ වනවිටත් ඊයේ පස්වරුව වන තෙක් මාතර පොලිසිය මගින් සෞඛ්‍ය බලධාරීන් සමග එක්ව ආරක්ෂිත කැමරා නිරීක්ෂණය කරමින් සොයමින් සිටී.
ඒ අනුව සුපිරි වෙළඳසැල් දෙකේ මුදල් අයකැමි වරුන් සිටි තරුණියන් දෙදෙනා හා මෙම රුසියන් ජාතිකයන්ට ඉදිරියෙන් හා පසුපසින් සිටි පිරිස් පිළිබඳ සොයා ගැනීමට ආරක්ෂිත කැමරා පරික්ෂා කිරීම ආරම්භ කර ඇත.

මෙම තත්ත්වය හමුවේ අද මාතර නගරයේ තරමක් කලබලකාරී තත්ත්වයක් ඇතිවිය උදෑසන පාසල් දරුවන් පාසල්වලට රැගෙන ආවද පසුව දහවල් වන විට මෙම කොරෝනා රෝගීන් පිළිබඳ වාර්තා වීමත් සමග ප්‍රදේශවාසීන් කලබලයට පත්වී තිබේ.විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ ඒ මාපියන් පාසල්වලට පැමිණ දරුවන් ඉල්ලා ඇති අතර ගුරුවරු ප්‍රතික්ෂේප කිරීමත් සමඟ නොසංසුන් තත්ත්වයකට පත්විය.මාතර මේධානන්ද විද්‍යාලයේ දරුවන් මාපියන් පැමිණ රැගෙන ගිය අතර මාතර පඹුරණ සාරිපුත්‍ර විද්‍යාලයේ ගේට්ටුව අසල දෙමාපියන් පන්සියයක් පමණ පිරිස් දරුවන් කලින්ම රැගෙන ගියහ.

මේ පිළිබඳව අදහස් දක්වූ මාතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී වෛද්‍ය අචලා දමයන්ති මහත්මිය ප්‍රකාශ කළාය.

” අමාලෝහා jetwing හෝටලයට පැමිණි රුසියානු ජාතිකයෙකු covid 19 positive විදියට හඳුනාගත් පසු අප එම ආසාදිතයා හම්බන්තොට මහරෝහලට යවා දැනට හෝටලයේ ඉන්න සේවකයන් හා ආශ්‍රිතයන් සියල්ලම නිරෝධායනයට ලක් කර තිබෙන බවයි. ආසාදිතයින් ඇසුරු කළ සියලු දෙනා නිසි ලෙස හඳුනා ගෙන අති බැවින් පාසල් ළමයින්ගේ දෙමාපියන් අනවශ්‍ය බියක් ඇතිකර ගැනීමට අවශ්‍යතාවක් නොමැති බවය.”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී වෛද්‍ය අචලා දමයන්ති මහත්මිය

Exit mobile version