කොරෝනා ආසාදිත ගැහැණියක් ලෙඩේ හොඳ කරගන්න පාස්ටර් කෙනෙකුගේ දේව මෙහෙයකට ගිහින්…   

කීර්ති ප්‍රනාන්දු –

සිය ආගමික සංවිධානයේ පාස්ටර්වරයා විසින් පවත්වන දේව මෙහෙයකට සහභාගී වී කොරෝනා සුව කරගන්නට අසල නිවසකට ගිය  වීමෙන් පසු රෝග සුවපත් වන බව විශ්වාස කළ කොරෝනා අසාදිත කාන්තාවක් පාස්ටර්වරයා විසින් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ දේව පූජාවකට සහභාගීවීමට අසල නිවසකට ගොස් සිටියදී  මහජන සෞඛ්‍ය පාරීක්ෂකවරුන්ට ලත් තොරතුරක් අනුව අල්ලා ගැනීමට හැකි වූ බව වැල්ලම්පිටිය සෞඛ්‍ය කාර්යාලය පවසයි.

වැල්ලම්පිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් විතානගේගෙන් කළ විමසුමක දී ඔහු පැවසුවේ මෙම ආසාදිත කාන්තාවගේ ස්වාමිපුරුෂයා ද   කොවිඩ් ආසාදිතයෙක් බවය. ඒ අනුව ආසාදිත කාන්තාව දේව පූජාවට සහභාගී වීමට ගිය නිවසේ පුද්ගලයන් හා එම නිවසට පැමිණ සිටි පවුල් 06ක පුද්ගලයන් 14ක් නිරෝධායනයට යොමු කළ බව ද ඔහු පැවසීය.

මෙම පාස්ටර්වරයා සිය ආගමික අනුගාමිකයන්ට පවසා ඇත්තේ ඔහු විසින් සූම් තාක්ෂණය ඔස්සේ පවත්වන දේව පූජාවට පහසුකම් ඇති අය නිවෙස්වල සිට එම පූජාවන්ට සහභාගී වන ලෙසත්ය. එම පූජා මගින් දේව බලයෙන් කොරෝනා ඇතුළු රෝග ගණනාවක් සුව කළ හැකි බැවින් විශ්වාසයෙන් යුතුව ඊට සහභාගීවන ලෙස උපදෙස් ලැබුණු බවත් නිවැසියන් සෞඛ්‍ය නිලධාරීන්ට කියා තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුව දේව පූජාව කළ පාස්ටර්වරයා ද කැඳවා සෞඛ්‍ය නිලධාරීන් ඔහුව දැඩි ලෙස දැනුවත් කළ බවත් ඔහුට  වැල්ලම්පිටිය  සෞඛ්‍ය කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා තිබේ.

Exit mobile version