කොරොනා ආසාදිත නාවිකයින් යාපනේ ඇවිත් ඇත්තේ දුම්රියෙන්

එදින දුම්රියේ පැමිණි අය සැලකිලිමත් වෙන්න... යාපනය දිසාපති කියයි...

දිනසේන රතුගමගේ –

කොරෝනා ආසාදිතයින් බවට පත්ව සිටින කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරේ දෙදෙනා යාපනයේ සිට කොළඹ දක්වා දුම්රිය මගින් ගමන් කොට ඇති නිසා එම දිනයේදී දුම්රියෙන් ගමන් කළ මගීන් දැඩි සැලකිල්ලක් දක්වන ලෙස යාපනය දිසාපති කනපතිපිල්ලේ මහේසන්  නිවේදනයක් නිකුත් කරමින්   අද (18 ) උදේ ඉල්ලීමක් කොට තිබේ.

කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරේ සෙබළෙකුට හා සෙබළියකට කොරෝනා ආසාදිත වී ඇති බවට තොරතුරු තහවුරු වීමෙන් පසුව නිවේදනයක් නිකුත් කොට ඇති දිසාපතිවරයා ඔක්තෝබර් මස 4 වෙනිදා සවස 3-45 ට කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ මේ අය ගමන් කොට ඇති බවද සදහන් කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නාවික හමුදා සෙබළා බදුල්ල හා වැලිමඩ පළාත් වල සංචාරය කොට ඇති බව සදහන් කරණ යාපනය දිසාපතිවරයා මේ පිළිබදව ජනතාව දැඩි විමසිල්ලෙන් සිටින ලෙසත් වැඩිදුර විස්තර අවශ්‍යවන්නේ නම් 021 -2226666 යන් දුරකතන අංකය අමතා දැනගන්නා ලෙසත් දැනුම් දී තිබේ.


Exit mobile version