කොමිස්වලට අන්ධ වෙච්චි දේශපාලකයන්ට පරිසර පද්ධති ගැන කියලා තේරුම් කරන්න බෑ…

දාරළුවෙ තිබෙන්නෙ කෘඩියා සෙලනිකා විශාලම මවු ශාඛය සහිත පරිසර පද්ධතියක්.  සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවින්ද්‍ර කාරියවසම්   

දාරළුව ප්‍රදේශයේ ඇති, අධිවේගී මාර්ගය වෙනුවෙන් ඉවත් කිරීමට යෝජිත කෘඩියා සෙලනිකා ශාඛය ලංකාවේ ඇති පැරණිම හා විශාලතම පැල නිශ්පාදනය කරන මවු ශාඛය බවත් එහි පැල රැගෙන ගොස් තවන් කර ගස් මෙපමණ ප්‍රමාණයක් තිබෙන බව පැවසීම නොව රටක් ලෙස කළ යුත්තේ එම දුර්ලභ මවු ශාඛය පිහිටි පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම බවත් සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවින්ද්‍ර කාරියවසම්  කියයි.

ඔහු මේ පැහැදිලි කිරීම කරනු ලැබුවේ තවත් කෘඩියා සෙලනිකා ශාඛ විශාල ප්‍රමාණයක් තිබිය දී මේ ගස සම්බන්ධව උද්ඝෝෂණ කිරීම පසුපස රජයේ සංවර්ධන කටයුතු කඩාකප්පල් කිරීමේ වැඩ පිළිවෙළක් ඇතිදැයි සැක කරන බවට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග   කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමිනි.

“ මේ අපට හමුවන්නේ කෘඩියා සෙලනිකා ශාඛයේ විශාලතම හා පැරණිතම ගස හා එය පවතින පරිසර පද්ධතියයි.  මේ පරිසර පද්ධතියයි රටට ඉතාම වටින්නේ. මෙයින් යම් යම් අය පැල අරන් ගිහින් පැල හදලා තියනව.


“පැලයක් හා මහා විශාල ගහක් ගසක් අතර වෙනසක් තියනවා… මේ වගේ පැල නිශ්පාදනය කරන මවු ශාඛයක් සොයා ගැනීම ඉතාමත්ම අපහසුයි. ඒකයි මේ ගසේ තියන වටිනාකම. මේ ගසෙන් හදා ගත්තු කුඩා පැල දැන් ඕන තරම් ඇති. නමුත් මේ වගේ විශාල ශාඛයක් එනම් මවු ශාඛයක් තියන පරිසර පද්ධතියක් හොයා ගන්න නෑ. ඒ කතාව මේ අයට වැටහෙන්නෙ නෑ. මේ පරිරසර පද්ධතිය  විනාශ නොකර ඉතාම උචිත දේ මාර්ග සැලසුම වෙනස් කිරීමයි“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපි මේ කියන කතාව මුදල් උත්පාදනයටම කැමති පාර්ශවවලට තේරෙන්නෙ නෑ. මාර්ගයක් කියන්නෙම මුදල් උත්පාදන ක්‍රමයක්. මීටරෙන් මීටරේට ඒ කොමිස් කොන්ත්‍රාත් කරුවාගේ සිට ඉහළට ගමන් කරනවා. ඔවුන්ට ශාඛයක් සම්බන්ධව, පරිසර පද්ධතියක් සිම්බන්ධව අප කියන කතාව දැනෙන්නෙ නෑ. තේරුම් ගත යුත්තේ මේ රටක් ලෙස නොව, ලෝකය ලෙස අප විසින් ආරක්ෂා කරගත යුතු පරිසර පද්ධතියක් බවයි.“  යැයි සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවින්ද්‍ර කාරියවසම්  පවසයි.

 

Exit mobile version