කොත්මලේ වේල්ල අසල මාර්ගය ගිලා බසී.

Kothmale

ඊයේ රාත්‍රියේ ඇති වූ අයහපත් කාලගුණ තත්වයත් සමග කොත්මලේ ජලාශ ප්‍රවේශ මාර්ගය කොත්මලේ ජලාශ වේල්ල ආසන්නයේ ගිලා බැස ඇති තිබේ. ජලාශ භාර කමිටුව වාර්තා කරන්නේ මේ ගිලාබැසීම ජලාශයට කිලෝමීටර භායගත් පමණ දුරින් බවය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආවාටයක් ලෙසින් ඇති වූ මෙම ගිලා බැසීම සිදුවී ඇත්තේ මාර්ගය හරි මැදනි. මේ ගිලා බැසීමෙන් ජලාශයට කිසිම බලපෑමක් සිදුවී නැති බවත් මෙය ස්වභාවික ගිලා බැසීමක් ද නැතිනම් මාර්ගය ඉදිකිරීමේ දී සිදුවූ අක්‍රමිකතාවයක් ද යන්න සොයා බැලීමට මේ වනවිට ජලාශ බාර කමිටුව හා මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටින බව  එම ආරංචි මාර්ග පවසයි. 

 

Exit mobile version