කොතලාවල ආරක්ෂක විශ්විද්‍යාල පනතට විමල් එරෙහි වෙයි…

Wimal-Weerawansa

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව තම ඡන්දය ප්‍රකාශ කරන බව ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩු පක්ෂයට දන්වා ඇතැයි වාර්තා වේ.

ඊට පක්ෂව තම ඡන්දය අපෙක්ෂා කරන්නේ නම් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත තුළ අන්තර්ගත පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට ඉඩ සලසන ප්‍රතිපාදනය ඉවත් කළ යුතු බව ද එම පක්ෂය අමාත්‍ය චමල් රාජපක්ෂට දන්වා ඇත.

පක්ෂයේ නියෝජ්‍ය සභාපති රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර කීවේ එම පනතට එරෙහිව සමාජයේ ඇතිව තිබෙන විරෝධතාවය හා තම පක්ෂය දැක්වූ ස්ථාවරය හේතුවෙන් අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම අගෝස්තු මාසය දක්වා කල් දමා ඇති බවය.

මෙම පනත මේ ආකරයෙන් පාර්ලිමේන්තුවට රැගෙන එන්නේ නම් කවදා එය රැගෙන ආවත් ඊට එකඟ නොවන බව ද ඇමතිවරයා කීවේය.

Exit mobile version