කොටුවේ නාට්ටාමිවරුත් වැඩ වර්ජනයක….

කීර්ති ප්‍රනාන්දු 

කොළඹ පිටකොටුවේ නාට්ටාමි වරුන්  පිරිසක් අද 22 අලුයම සිට වැඩ වර්ජනයක නිරත වී සිටින බව පිටකොටුව තොග වෙළඳ පොළින් වාර්තා වේ.

තමන් හට දැනට ගෙවන වැටුප් වත්මන් ජීවන වියදමට අනුව ඉතා අඩු බැවින් තම වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා එම වර්ජනය ආරම්භ කර ඇත.

මේ වන විට නාට්ටාමි වරුන් විශාල ප්‍රමාණයක් මෙම වැඩ වර්ජනයට එක්ව සිටින අතර අද 22 දහවල් වන විට අනිකුත් සියලුම නාට්ටාමි වරුන්ද මෙම වැඩවර්ජනයට එක්වීමට නියමිතව ඇති බව පැවසේ .


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නාට්ටාමි වරුන්ගේ මෙම වැඩවර්ජනය හේතුවෙන් අද 22 අලුයම සිට පිටකොටුව වෙළඳ පොළ භාණ්ඩ පැටවීම, බෑම ,එහා මෙහා රැගෙන යාමේ කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බවද පිටකොටුව තොග වෙළඳ පොලේ ප්‍රකාශකයෙකු ලංකාසරට පැවසීය.

Exit mobile version