කොටින්ට පණ දෙන්නට ගිය “උදයන්“ සභාපති සුමන්තිරන් නිසා බේරෙයි…

දිනසේන රතුගමගේ –

කොටි සංවිධානය යළි පණ ගැන්වීම සදහා අනුබල දීමේ චෝදනාව යටතේ  උදයන් පුවත් පතේ සභාපතිවරයාට එරෙහිව  පනවා තිබූ   නඩුවේදී යාපනය මහේස්ත්‍රාත්වරයා ඔහුව 22 දා නිදොස් කොට නිදහස් කරණු ලැබීය.

හිටපු කොටි නායක ප්‍රභාකරන්ගේ විශාල ඡායාරූපයක් පලකොට ඊට අදාලව ලියන ලද විස්තරයක් හේතුවෙන් කොටි සංවිධානයට යළි පණදීමට උත්සහ කොට ඇති බව කියමින් යාපනය පොලීසිය විසින්   උදයන් පුවත් පතේ  සභාපති ඊ.සරවනබවන් මහතාට එරෙහිව මෙම නඩුව පනවා තිබුණි.

උදයන් පුවත් පතේ සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි එම්.ඒ.සුමන්තිරන් නීතිඥවරයා ඇතුළු නීතිඥවරු අධිකරණයට පෙන්වා දුන්නේ එම ප්‍රවෘත්තිය පල කරණ ලද්දේ කොටි සංවිධානයට අනුබල දීමේ චේතනාවකින් නොවන බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උතුරේ දේශපාලන පසුබිම පිළිබදව ලියන ලද දේශපාලන ලිපියකට අතීතය ආවර්ජනය කිරීමේ අවශ්‍යතාවය මත එම ඡායාරූපය හා විස්තරය පල කල බවට අධිකරණයට කළ  කරුණු ඉදිරිපත් කිරීමට අනුව උදයන් පුවත් පතේ සභාපතිවරයා නිදොස් කොට නිදහස් කරණු ලැබීය.

Exit mobile version