කොටිකාවත්ත පොහොට්ටු මන්ත්‍රී ඝාතන කොන්ත්‍රාත්තුව ගැන තොරතුරු හෙළි වේ!

පසුගිය  (02) සවස  කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී සුමුදු රුක්ෂාන්   වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඩුබායිහි සිටින ජිලා නැමැති පාතාල අපරාධකරුගේ කොන්ත්‍රාත්තුවක් මත බව විමර්ශන අංශ සැක පහළ කරයි.

ජිලා නැමැත්තා ඩුබායි රාජ්‍යයට පලා යන්නට පෙර 2021 වර්ෂයේ  අවස්ථාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී  සුමුදු රුක්ෂාන් විසින් ඔහුට කළ පහර දීමක පළිය ගැනීමත් මනාප ලයිස්තුවේ ප්‍රථමස්ථානය සහිතව ප්‍රදේශීය සභාවට පැමිණි මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඝාතනයෙන් අංගොඩ ප්‍රදේශය බිය වද්දා තබා ගැනීමත් මෙම ඝාතනයේ අරමුණු අතර ඇති බව විමර්ශකයන්ට තොරතුරු ලැබී ඇත.

ජිලා යනු අංගොඩ ලොක්කගෙ ගෝලයෙකි. අංගොඩ ලොක්කාගේ මරණයෙන් පසු  ඔහු අද ගල්කිස් ඝාතන තැත ක්‍රියාත්මක කළ බවට සැක කරන පාතාල අපරාධකරු නදුන් චින්තක හෙවත්  හරක් කටා සමග සම්බන්ධ වී තිබේ.

ඔහු ඩුබායි රාජ්‍යයට පැනයන්නේ හරක්කටාගේ මත්ද්‍රව්‍ය ජලාය ගැන ඔත්තු දුන් පුද්ගලයෙක් අංගොඩ දෙල්ගහවත්ත ප්‍රදේශයේ දී ඝාතනය කිරීමෙන් අනතුරුවය.


සුමුදු රුක්ෂාන් මහතා ප්‍රාදේශීය සභාවට පළමුවර ඉදිරිපත් වී උපසභාපති ධුරය ද හොබවා ඇති අතර මෙවර ඔහු ප්‍රාදේශීය සභාවට තේරීපත්ව ඇත්තේ දෙවැනි වරටය. ඒ වැඩිම මනාප ප්‍රතිශතයක් ගනිමිනි.

මෙම ඝාතනය සිදුවන්නේ  මන්ත්‍රීවරයාට අයත් වැඩ බිමක පිහිටි ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටියදීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඝාතකයා  යතුරුපැදියකින් පැමිණ    පිස්තෝලයකින් වෙඩි තබා තිබේ. පළමු වෙඩිල්ල තබන විටම ඔහු එයින් බේරී අතුරු මාර්ගයක් ඔස්සේ මීටර් 50ක් පමණ දිව ගොස් අතර වෙඩික්කරු ඔහු පස්සේ පන්නාගෙන විත් වෙඩි තබා ඝාතනය  කර ඇත.

Exit mobile version