කොටහේන කෝටිපති ව්‍යාපාරිකයා කොල්ලකෑම සැලසුම් කර ඇත්තේ ව්‍යාපාරික බිරිය…

සිද්ධියට පොලිස් නිලධාරියෙකුත් සම්බන්ධයි... විමර්ශනයේ දී ඒ කොටස හලලා...

කොටහේන කෝටිපති උන්ඩියල් ව්‍යාපාරිකයාගේ මුදල් කොල්ල කෑමට සැලසුම් කර ඇත්තේ එම ව්‍යාපාරිකයාගේ බිරිය බව   විමර්ශන බුද්ධි තොරතුරු හෙළි කර  ඇත.

මේ මුදල් කොල්ලයට කඳානේ වෙසෙන මිතුරු කාන්තාවන් දෙදෙනෙක්  සහ කොටහේන පොලිසියේ සේවය කළ, දැනට වරාය පොලිසියට අනුයුක්තව සේවය කරන නිලධාරියෙක් ද සම්බන්ධ වී තිබේ.

කොල්ලයට පැමිණෙන පුද්ගලයින් දෙදෙනාට අඳින ඇඳුමේ සිට ප්‍රශ්න කළ යුතු ආකාරය, ලබා ගත යුතු තොරතුරු පිළිබඳව උපදෙස් ලබා දී ඇත්තේ මෙම පොලිස් නිලධාරියා විසිනි.

කොල්ලකරුවන් දෙදෙනා නිවසට යන විට මාංචු කුට්ටමක් ද රැගෙන ගොස් තිබිණි. එම මාංචු කුට්ටම ලබා දී  ඇත්තේත් පොලිස් නිලධාරියා විසින් බව බුද්ධි තොරතුරු හෙලිදරව් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් කොටහේන පොලිසිය විසින් මෙම කොල්ලකෑම සම්බන්ධ පොලිස් නිලධාරියාගේ කොටස වසා දමා කොල්ලයට පැමිණි පුද්ගලයින් දෙදෙනා සහ මෙහයවූ කාන්තාවන් දෙදෙනා මත පූර්ණ චෝදනා පවරා විමර්ශන ගොනු කර ඇතැයි බුද්ධි වාර්තා ඉහළ   නිලධාරීන් වෙත දන්වා තිබේ.

Exit mobile version