කොටහලු සාදයට ආ තිදෙනකු පොලුමුගුරු පහරින් රෝහලේ

මාතර සම්පත්

වැලිගම දෙනිපිටිය හට්ටියදුව ප්‍රදේශයේ දී ගැහැණු දරුවෙකු වැඩිවියට පත්වීමේ ප්‍රීතිය නිමිත්තෙන් සැමරූ සාදයකදී වූ ආරවුලක් හේතුවෙන් එම සාදයට පැමිණ සිටි පුද්ගලයන් තිදෙනකු බරපතළ තුවාල ලබා මාතර මහරෝහලට ඇතුළත් කර තිබේ.

රාත්‍රී කාලයේ දී බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසු සැකකාර පාර්ශවයේ පුද්ගලයන් පොලු මුගුරුවලින් සහ එම ස්ථානය තිබූ මත්පැන් බෝතල්වලින් පහර දී තිබේ.


මේ අතර තවත් පුද්ගලයෙකු විසින් පොරවකින් ද පහර දී තුවාල සිදුකර ඇත.

මෙම ගැටුමේදී බරපතළ තුවාල ලැබු පුද්ගලයකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

සැකකරුවන් මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අධිකාරි චන්දන හේරත් මහතාගේ උපදෙස් මත ඔවුන් අත්අඩංගුවට ගැනීමට වැලිගම පොලිසියේ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ සිදුකරයි.

Exit mobile version