කොච්චර නීති දැම්මත් බඩු මිල පාලනය කරගත නොහැකි ඇයිදැයි රාජ්‍ය ඇමති ලසන්ත කියයි

අද වෙළෙඳපොළේ පවතින ඉල්ලුම සහ සැපයුම මඟින් සෑම භාණ්ඩයකම මිල පාලනය වන බවත් කොපමණ නිති රීති දැම්මත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනයක් කර ගැනීමට නොහැකිව ඇති බව අප පිළිගත යුතු යයි රාජ්‍ය කළමනාකරණ සහ ගිණුම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ගැසට් නිවේදන මඟින් මින අඩු කර ගැනීමට රජයට හැකියාවක් නොමැති වූ නමුත් සහල් සහ සීනි හරහා වංචාවක් සිදුවූ වූ බවට කරන චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවද ප්‍රකාශ කළ අමාත්‍ය අලගියවන්න පසුගියදා සීනි ආනයන බදු අඩු කිරීම හරහා ඇතැම් සමාගම් අසීමිත ලාබයක් ලැබූ බවද පාර්ලිමේන්තුවේදී පිළිගත්තේය.

ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් රජයට අය විය යුතු යම් මුදලක් ඔවුන් උපයාගෙන ඇති නම් එය අඩු කර ගැනීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් එහිදි සඳහන් කළේය.


එහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න,

“ අපි රජයක් හැටියට රටේ ජනතාවට ආර්ථික දුෂ්කරතා මග හරවා ගැනීමට විවිධ ප්‍රතිපත්තිමය තීන්දු ගත්තා. මේ අනුව මුලින්ම සීනි සැමන් පරිප්පු අත්‍යවශය භාණ්ඩවලට හෝ යම් සහනයක් ලබා දිය යුතුයි යන අදහසින් අතිගරු ජනාධිපතිතුමාත් මුදල් අමාත්‍යංයත් සැබෑ ලෙස ජනතාවට සහන ලබා දීමේ අරමුණින් ගැසට් නිවේදන මඟින් මිල අඩු කිරීමට කටයුතු කළා. සීනිවලට දැමූ රුපියල් 50 බද්ද ශත 25ට අඩු කළා. ඒ වනවිට වෙළෙඳපොලේ පැවතියේ සීනි රුියල් 137ට 138ට.

බද්ද අඩු කරල සහනය දෙන්නයි රජයට ඕන වුණේ. නමුත් ඉල්ලුම සැපයුම මත තීරණය වෙන්නේ. අද වෙළෙඳපොළ මේ ප්‍රශ්නයට පමණක් ජනතාවට රජයට මිල පාලනය කිරීම සඳහා කොපමණ නීති රීති දැම්මත් අද පුළුවන්කමක් ලැබෙන්නේ නෑ දැඩි පාලනයක් කරන්න. ඉන්ධන ගෑස් සිගරට් අරක්කු යන ඒවා මිල පාලනයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්.

නමුත් අනෙකුත් අත්‍යවශය මිල පාලනයක් කළ නොහැකි වුණත් ඒකයි සත්‍ය ත්තත්වය. ලෝක වෙළෙඳපොළෙ මිල ගත්තම සීනි මිල ඔක්තෝබර් 13 ඩොලර් 387 එය දෙසැම්බර් 425 දක්වා වැඩි වුණා. ලෝක වෙළෙඳපොලේ සීනි මෙට්‍රික් ටොන් එකක මිලඉහළ ගිහින් තිබෙනවා. ඒ අනුව වෙළෙදපොලේ ඔක්තෝබර් 142ක්. 151ක් 147ක් වෙන්න 152 155 මිල ඉහළ යාමට ව නියමිතව තිබුණා. රුපියල් 50 අඩු වීම නසා සීනි 118 152ක් තිබුණු සීනි . දෙසැම්බර් 113යි. එක්තෝබර් 115තක් ගැසට් එක 85ට ගහපු එක ඇත්ත. මේ ත්ත්වයෙන්වත් පාලනයත් අනිවාර්යයෙන්ම සිදුවෙන්න් නෑ.

විශේෂයෙන්ම රජය මේ දුන් සහනය ලබා නොදුන්නා නම් මේ සහනය ලැබුණේ මේ නිසයි. අපි පිළිගන්නවා මේ ක්‍රියාවලිය තුළ සමාගමක් යම් ලාබයක් ලැබුවා. ගැසට් එක ගැහුව දවසේ ඉඳල මේ සීනි ආනයනකරුවන් සමග සාකච්ඡා 15ක් 20ක් පැවැත්වුවා.

ගැසට් එක ගහන දවස වනවිට ආනයනකරුවන් විසින් ඔක්තෝබර් මිල ඉහළ යන බවට ලැබුණු ඉඟි මත අසීමිත තොගයක් විශේෂ අනායනකරුවන් ගබඩා කරගෙන තිබුණා. ඔවුන් අඬා වැලපුණා. ඔවුන්ට මේ මිල අඩු කලොත් මොනව විදිහකටවත් ඔරොත්තු දෙන්නේ නෑ කියල. මේක අඩු කරන්න එපා කියල. දිගින් දිගටම සාකච්ඡා කරල තමයි අප ශත 25ට බද්ද අඩු කළේ . පාරිභෝගික අධිකාරිය නොවැම්බර් 10 ගැසට් එක ගැහුවා.

නමුත් සඳහන් කළ යුතුමයි මැයි මාසේ 22 සීනි 32කට තිබුණු බද්ද රුපියල් 50 කළා. පහුවදාම මිල වැඩි කළා. අඩු වෙන කොට වාසිය දෙන්න ඒ වාසිය දෙන්න අනායනකරුවන්ට සූදානමක් තිබුණේ නෑ.

ආනයනකරුවො සීනි අඩු කරනකොට වෙළෙඳපොළට දැම්මේ නෑ. ඒ නිසා තමයි එක් ආනයනකරුවෙක් සීනි ආනයනය කොට වෙළෙඳපොළට දැම්මේ.බිලියන 10ක් වංචා කළා කීවට ඔහු ගෙනාව මුළු සීනි තොගයේම වටිනාකම රුලියල් බිලියන 11යි.

මේ සහනය ලබාදීපු නිසා බිලියන 5ක සහනයක් ලැබුණා. රජයේ බදු ආදායම අහිමි කරගෙන අපි ඒ තීරණය ගත්තේ පාරිභෝගිකයාට සහනයක් ලබා දීමේ අරමුණක් ඇතිවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපි බලාපොරොත්තු වූ සහනය ලබා දෙන්න බැරිවුණා. සීනි ගෙන්වූ ආනයනකරුවන් යම් ආකාරයක අසාධාරණ ලාබයක් ලැබුවා. අපි කළ යුත්තේ සතොස, සමූපකාර ශක්තිමත් කරල තරගකාරී පරිසරයක් බිහි කිරීමයි. බිලියන 10 වංචාවක් වුණා කියන කරුණ විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ප්‍රකාශ කරනවා. පාරිභෝගික අධිකාරිය විසින් මේ සීනි බද්ද නිසා පාඩුවක් වි ඇත්නම් විවෘතව සාකච්ඡා කිරීමට සූදානම්.

Exit mobile version