කොකාවිල් බහුකාර්ය සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයට විශේෂ ආරක්ෂාවක්

දිනසේන රතුගමගේ

කිළිනොච්චිය කොකාවිල් ප්‍රදේශයේ පිහිටි බහුකාර්ය සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට කිළිනොච්චිය ආරක්ෂක සේනාංක මුලස්ථානය පියවර ගෙන තිබේ.

කිළිනොච්චිය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා එම ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් අනතුරුව කොකාවිල් කුළුනේ ආරක්ෂාව සදහා පුහුණුව ලත් විශේෂ යුද හමුදා භටයින්ගෙන් සමන්විත ඒකකයක් යෙදවීමට තීරණය කොට ඇති අතර එම හමුදා සේනාංකයටද මෙම සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයෙන් සිදුවන සේවාවන් පිළිබදව පුහුණුවක් ලබා දීමට තීරණය කොට තිබේ.


දැනට මෙම කොකාවිල් බහුකාර්ය සම්ප්‍රේෂණාගාරයේ රූපවාහිනී ගුවන් විදුලි ඉංජිනේරු තාක්ෂණය පිළිබදව කටයුතු කිරීමට නිලධාරීන් පිරිසක් සිටින අතර ඔවුන්ගේ ආරක්ෂාව සදහාද එම ආයතන වලින් වෙනම ආරක්ෂාවක් සැපයෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යුද හමුදා කදවුරක් කොකාවිල් කුළුණ අවටම පිහිටුවා ඇති අතර ඒ මගින්ද කුළුනේ ආරක්ෂාවට තවත් විශේෂ වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක වෙයි.

Exit mobile version