කෙළිදෙළින් නිරෝධායන වන රුසියානු ජනපති පුටින්

ස්වයං නිරෝධානයනයට ලක්ව සිටින රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය නිරෝධායන කාලය සයිබීරියාවේ මසුන් අල්ලමින් ඉතා විනෝදයෙන් ගතකරන බවට වාර්තා වේ.

රුසියානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශක ඩිමිත්‍රි පෙස්කොෆ් සඳහන් කර ඇත්තේ පුටින් ඉතා නිරෝගීමත්ව කාලය ගෙවන බවයි.

ඒ අනුව පුටින් ඉතා සැහැල්ලුවෙන් මසුන් අල්ලන සහ කාලය ගතකරන ඡායාරූප කිහිපයක්ද මාධ්‍ය වෙත රුසියානු රජය නිකුත් කර තිබේ.


පුටින් අවට සිටි කිහිපදෙනෙකුටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමඟම සැප්තැම්බර් 14 වැනිදා ස්වයං නිරෝධායනට ලක්විය.

ඔහු නිරෝධානයනයට ලක්වූ දින පෙරවරුවේ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් හමුවී තිබීමද විශේෂත්වයකි.
ඒ අනුව පුටින් ටජිකිස්ථානයේ සිදුකිරීමට නියමිත සංචාරයද අවලංගු කළේය.

ලොව ඉහළම පෙළේ ආරක්ෂාවක් සතු පුටින් හමුවීමට පෙර කොරෝනා පරීක්ෂාවක් කර ගැනීමටත් විශේෂිත විෂබීජහරනයකට ලක්වීමටද සිදුවේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පුටින් එරට නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙනද ඇති බවට සඳහන්ය.

Exit mobile version