කෘෂිකර්ම විද්වතුන් පිරිසක් තීන්දුවක් ගැනීමේ සූදානමක…

උද්ගත වී ඇති තත්වය හමුවේ තමන්ගේ දැනුමෙන් හා පර්යේෂණ අත්දැකීම්වලින් සේවයක් කළ නොහැකි බව පෙනී යන බවත් මේ වනවිට තේරීමට ඇති  වඩාත්ම  සුදුසු දේ තම  තනතුරුවලින් ඉල්ලා අස්වීම බවත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ  කීර්තිමත් ප්‍රධානියෙක් ලංකාසරට පැවසීය.

“ කරුණාකරලා අපිට කතා කළ බව හෝ සඳහන් කරන්න එපා. අප අතර කරන මේ සංවාදයවත් තේරුමක් නෑ.“ ඔහු වැඩිදුරටත් කීවේය.“

කෘෂිකර්ම ක්ෂේත්‍ර ආරංචි මාර්ග පවසන්නේ පලිබෝධ නාශක රෙජිස්ටාර්වරයා ඉවත් කිරීමේ අගමුල පටලවාගත් දේශපාලන තීන්දුව ඇතුළු අතිශය මුග්ධ දේශපාලන බලපෑම කෘෂිකර්මය පිළිබඳ විද්වත් ක්ෂේත්‍ර දැඩි ලෙස කළකිරීමට පත් කර ඇති බවය.


වර්ෂ 2014 දී ග්ලයිෆොසේට් දිස්ත්‍රික්ක පහක භාවිත කිරීම තහනම් කර තිබිණි. අනුරාධපුරය, පොලොන්නරුව, කුරුණෑගල, මොණරාගල,  බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය  රදී මාලියැද්ද සහ  කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ මේ තහනම දියත් කර තිබිණි. පසුව 2016 වසරේ ග්ලයිෆොසේට් ආනයනය තහනම් කෙරිනි. කෙසේ වෙතත් තේ සහ රබර් සඳහා පමණක් ග්ලයිෆොසේට් ආනයනය කිරීමට යළි අවසර ලබා දී තිබිණි.

2014 වසරේ ග්ලයිෆොසේට් භාවිතය තහනම් කළ ඇතැම් දිස්ත්‍රික්කවල රබර් වගාවන් සුළු වශයෙන් පවතින අතර රබර් සඳහා ග්ලයිෆොසේට් ආනයනය කිරීමට පසුව ලබාදුන් ප්‍රතිපාදනවල  ප්‍රයෝජ්‍යතාවය  සීමිත වූයේ වූ බව ඔවුහු කියති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙයින් සිදුවී ඇත්තේ පලිබෝධ නාශක රෙජිස්ටාර්වරයා විසින් මෙම ගැටලුව ඉවත් කිරීම පමණක්  බව ඔවුහු පෙන්වා දෙති.

 

Exit mobile version