කූපන් එකට  ඉන්ධන සලාක දෙන හැටි ඇමති පැහැදිලි කරයි…

ඉන්ධන සලාක ක්‍රමයට නිකුත් කිරීමේ ක්‍රමය ජුලි 1 වනදා සිට ක්‍රියාත්මක කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කීවේය.

ඉන්ධන සැපයුම පිළිබඳ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

සලාක ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම සඳහා කාඩ් පතක් හඳුන්වාදෙන බවත් එය සති දෙකක හෝ තුනක කාලයක් තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත්  අමාත්‍යවරයා   පැවසුවේය.

මේ ක්‍රමය තුළ ඕනෑම පාරිභෝගිකයෙකුට අනිවාර්ය ඉන්ධන කෝටාවක් ලැබෙන බවත්, එම ඉන්ධන කෝටාව තමන් ලියාපදිංචිවන ඉන්ධන පිවරවුම්හලෙන් සියයට 60ක් සහ අනෙක් ඕනෑම පිරවුම්හලකින් සියයට 40ක් ලෙස ලබා ගත හැකි බවත් ඇමතිවරයා කීවේය.


කෙසේ නමුත් එක් එක් ක්ෂේත්‍ර සඳහා ඉන්ධන ලබාදෙන ප්‍රමාණයක් වෙනස් විය හැකි  බවත්  ලබාදෙන ඉන්ධන ප්‍රමාණ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවත් ඉදිරියේදී එය ක්‍රියාත්මක වන ආකාරය දැනුම්දෙන බවත් ඔහු  පෙන්වා දුන්නේය.

බෙහෝ දෙනෙක් ඉන්ධන නිකුත් කිරීමේ දී  අත්‍යවශ්‍ය සේවා හැටියට ඉල්ලුම් කරන බවත්,  ආසන්නම ඉල්ලීම පැමිණියේ කොළඹ ජාතික රොහලෙන් බව කී  ඇමතිවරයා  සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉන්ධන සැපයීම සඳහා වෙනම ස්ථානයක් සකසා ගත හැකිනම් ඊට වෙනම අවධානයක් යොමු කළ හැකි බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත්‍යාවශ්‍ය සේවා ලෙස වර්ග කර ප්‍රමුඛතාවය ලබා දීම කළ නොහැක්කේ සෑම වෘත්තියක්ම අත්‍යාවශ්‍ය සේවාවක්වන බැවින් යැයි කී ඇමතිවරයා අත්හදා බැලීමක් ලෙස කූපන් ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ පවතින ගැටලුව විසඳා ගැනීමට බව කීවේය.

Exit mobile version