කුසල් ජනිත්ගේ සැත්කම් මුදල නොගෙවන්න ශ්‍රී ලංකා ක්‍රිකට් බොරු කියයි!

ක්‍රිකට් ආයතනයේ උපදෙස් නොතකා කුසල් ජනිත් පෙරේරා හිතුවක්කාරී ලෙස තරගකාරී ක්‍රිකට් ක්‍රීඩා කිරීම ප්‍රධාන හේතුව සේ දක්වා ඔහුගේ උරහිසේ ආබාධයට මුදල් නොගෙවීමට   තීරණය කළබව කියන  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්ම කුසල් ජනිත් පෙරේරා 2021 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට තෝරාගෙන ඇති බව හෙලි වී තිබේ.

උරහිසේ ආබාධයට ලක් වූ කුසල් ජනිත් පෙරේරාගේ    ශල්‍යකර්මයට අදාළ සම්පූර්ණ මුදල ගෙවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර තිබුණේ ඔහු සුවය ලබා ගැනීම සඳහා විශේෂයෙන් සකස් කර තිබූ පුනරුත්ථාපන වැඩසටහන නිසියාකාරව අනුගමනය නොකළේය යන පදනම මතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ පිළිබඳව පැහැදිලි කිරීමේ දී මෙසේ කියා තිබිණි.

“ශ්‍රී ලංකා ක්‍රිකට් කුසල් ජනිත් පෙරේරාට උපදෙස් දුන්නේ තරඟකාරී ක්‍රිකට් ක්‍රීඩා කිරීමෙන් වළකින ලෙසත්, ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ යෝජිත ‘පුනරුත්ථාපන වැඩසටහනට’ භාජනය වන ලෙසත්ය. පුනරුත්ථාපන වැඩසටහන කල් දැමීම ඔහුට අහිතකර ලෙස බලපෑ හැකි බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයාට උපදෙස් දුන්නේය“


“කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදෙස්වලට අවනත නොවී, ක්‍රීඩකයා ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගාවලියට සහභාගි වූ අතර, එමඟින් ඔහුගේ ප්‍රකෘතිමත් වීමේ වැඩසටහනට එය බලපෑවේය, ”

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳුදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එසේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් LPL තරඟාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්ම කුසල් ජනිත් පෙරේරා තෝරාගෙන තිබූ බව මේ වනවිට අනාවරණය වී ඇත.

 

 

 

Exit mobile version