කුසල්ගේ සැත්කමට සල්ලි නොදී පැහැර හැරියා ද?. ක්‍රිකට් ආයතනය සිද්ධිය පැහැදිලි කරයි …

Kusal

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුසල් ජනිත් පෙරේරාගේ ආබාධය සහ ශල්‍යකර්මය සඳහා මුදල් ගෙවීම සම්බන්ධ පලවන වාර්තා  සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය අනුමණ්ඩලය සමඟ සාකච්ඡා කර දීර්ඝ කාලීන උරහිසේ ආබාධයකට ලක්ව සිටි කුසල් ජනිත් පෙරේරා   වෙනුවෙන්  සති 12ක පුනරුත්ථාපන වැඩසටහනක් ක්‍රියාත්මක කළ බවය.

එමෙන්ම 20යි විස්ස ආසියානු කුසලානය තරගාවලිය සහ   ICC පිරිමි  විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට  තේරීම් සඳහා ද ඉදිරිපත් කිරීමට සූදානමින් සිටි බව ක්‍රිකට් ආතයන කීවේය.

මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කුසල් ජනිත් පෙරේරාට උපදෙස් දී ඇත්තේ කිසිදු ආකාරයක තරඟකාරී ක්‍රිකට් ක්‍රීඩා කිරීමෙන් වැළකී ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ යෝජිත ‘පුනරුත්ථාපන වැඩසටහනට’ භාජනය වන ලෙසය. පුනරුත්ථාපන වැඩසටහන කල් දැමීම ඔහුගේ ආබාධයට අහිතකර ලෙස බලපෑ හැකි බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කුසල් ජනිත් පෙරේරාට උපදෙස්  ලබා දි ඇත.


කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදෙස්වලට අවනත නොවී,  කුසල් ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගාවලියට සහභාගි වූ අතර, එමඟින් ඔහුගේ ප්‍රකෘතිමත් වීමේ වැඩසටහනට බලපෑම් එල්ල  වී ඇත.

ඔහු ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරඟාවලියට සහභාගී වීමෙන් පසුවද, ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය මණ්ඩලය විසින් ක්‍රීඩකයා පුනරුත්ථාපනය කිරීමට තීරණය කරන ලද අතර, එළඹෙන විස්සයි 20 ආසියානු කුසලානය සහ ICC පිරිමි විස්සයි 20 ලෝක කුසලානය කෙරෙහි අවධානය යොමු කරමින්, ඒ අනුව ඔහු  මෑත මාස කීපය තුළ ජාත්‍යන්තර සංචාර කිහිපයකින්  ඉවත්  කර තිබේ.

කෙසේ වෙතත්, මෙම උත්සාහයන් නොතකා, ඔහු නිතිපතා ‘පුනරුත්ථාපන’ කාර්යයට සහභාගී වීමට අපොහොසත් වී ඇති අතර, ඔහු අවසන් වරට ‘පුනරුත්ථාපනය’ සඳහා වූ ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ පෙනී සිටියේ 2022 අප්‍රේල් 29 වෙනිදාය.

එබැවින්, ස්ථාවර පුනරුත්ථාපන වැඩසටහනක් සඳහා ඔහුගේ කැපවීමේ අඩුව හේතුවෙන්, ඔහු විසින් සිදු කරන ලද ප්‍රමාදය, ඉදිරි තරඟ සඳහා ක්‍රීඩකයින් සූදානම් කිරීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමස්ත වැඩසටහනට නොගැලපෙන  බවත් ක්‍රිකට් ආයතනය දන්වා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් කුසල් ජනිත් පෙරේරාගේ ශල්‍යකර්මයට අවශ්‍ය මුදලින් වැඩි කොටසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දරනු ලබන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කුසල් ජනිත් පෙරේරාවෙත දැනුම් දී ඇති බව පවසයි.

 

Exit mobile version