කුවේටයේ දී   ගෙල කපා මරා දැමූ  ගෘහසේවිකාවකගේ මෘත ශරීරය මෙරටට

Woman hand holding bloody knife

කීර්ති ප්‍රනාන්දු –

ඉතියෝපියානු ජාතික කාන්තාවක් විසින් කුවේටයේ දී ගෙල කපා ඝාතනය කළ බව කියන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකගේ මෘත ශරීරය ඊයේ (09)   මෙරටට රැගෙන පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටනායක ගුවන්තොටුපලට මෙම මල සිරුර රැගෙන විත් තිබේ.

ඝාතනයට ලක්ව ඇත්තේ කුවේට් රාජ්‍යයේ ගෘහසේවිකාවක් ලෙස වර්ෂ 2019 වසරේ සිට සේවය කළ මහව ප්‍රදේශයේ 39 හැවිරිදි කාන්තාවකි.


කුවේට් රාජ්‍යයේ දී සිදුකළ පරීක්ෂනවලදී අනාවරණය වී ඇත්තේ  එරට සේවය කළ ඉතියෝපියානු ජාතික ගෘහ සේවිකාවක විසින් ශ්‍රී ලංකා ගෘහ සේවිකාව ගෙල කපා මරා දමා ඇති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂනය අද (10) පැවැත්වීමට නියමිතය.

Exit mobile version