කුලපති ආනන්ද හිමිට ප්‍රණාම පුදන උත්සවයක් ජනපති අගමැති ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණේ දී…

Muruththettuwe-Ananda

කොළඹ නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිට කොළඹ විශ්වවිද්‍යාලයේ  කුලපති තනතුර ප්‍රදානය කිරීම නිමිතිකොට ගෙන  පැවැත්වෙන ප්‍රණාම උළෙල ලබන 11 දා නෙළුම්පොකුණ  රඟහලේ  දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට උන්වහන්සේ පත්කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි.

එම පත්වීමේ ලිපිය පසුගිය නොවැම්බර් 02 දා ආනන්ද හිමියන් වෙත ලබා දුන් අතර නොවැම්බර් 17 දා උන්වහන්සේ නව කුලපති ධුරයේ වැඩ භාරගත්හ.


පැමිණෙන විරෝධතා මැද නොපැකිලව එම ධුරයේ කටයුතු කරගෙන යනු ලබන ආනන්ද හිමියන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපතිවරයාය. තවද පැවිදි හඬ සංවිධානයේද සභාපතිත්වය ද දරන්නේ උන්වහන්සේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කුලපති ධුරය දරනු ලබන නමුත් කිසිම වෘත්තීය සමිතියක් අත් නොහරින බවත්, වෘත්තීය අරගල අත් නොහරින්නා සේම සරසවි සිසුන්ගේ සාධාරණ උද්ඝෝෂණවල දී තමන් වහන්සේ පෙරමුණ ගන්නා බවත් ප්‍රකාශ කළ උන්වහන්සේ කුලපති ධුරයට සමගාමීව වෘත්තීය සංගම්වල නායකත්වය ද හොබවති.

Exit mobile version