කුරුන්දිමලෙයි පුරාවිද්‍යා කැණීමට එරෙහි දේශපාලන විරෝධය බුදු පිළිමයක් මතින් යයි… 

දිනසේන රතුගමගේ –

මුලතිව්  කුරුන්දිමලෙයි විහාරාසන්නයේ කැණීම් කටයුතු ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) ආරම්භ වීමත් සමගම  දෙමළ මන්ත්‍රීවරු හතර දෙනෙකු ඊට විරෝධය පලකොට තිබේ.

මෙම විහාරස්ථානයේ කැණීම කටයුතු සිදුවන බව දැනගත් දෙමළ ජාතික සන්ධානයේ සෙල්වම් අඩෙයිකලනාදන් නෝහා රාධලිංගම් දෙමළ ජාතික ජනතා පෙරමුණේ මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් හා එස්.ගජේන්ද්‍රන් යන මන්ත්‍රීවරු අදාල ස්ථානයට ගොස් තිබේ.

සමාරම්භක අවස්ථාවේ ආගමික වතාවත් සඳහා ගෙනා බුදු පිළිමය…

එම ප්‍රදේශයට ආරක්ෂාව සපයන යුද හමුදාවේ 59 වෙනි සේනාංකයේ භට පිරිස් මන්ත්‍රීවරුන්ට කැණීම් ආරම්භ කරණ ස්ථානයට යාමට අවසර ලබා දී තිබේ.


කැණීම් ආරම්භ කරණ අවස්ථාවේදී අමාත්‍යවරයා ඇතුළු පිරිසට බුදුන් වැඳීම සදහා බුදු පිළිමයක් රැගෙන ගොස්  මේසයක් මත තබා මල් පූජා කිරීමත් සමගම කලබල වී ඇති දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු බෞද්ධයින් නොමැති පළාතක බුදු පිළිම තැන්පත් කරන්නේ යැයි කියමින් මුලතිව් ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වා විරෝධය පල කොට ඇත.

ආගමික වතාවත් පැවැත්වෙන අයුරු…

නමුත් කැණීම් කටයුතු ආරම්භ කිරීමෙන් පසුව රැගෙන ගිය බුදු පිළිමය ආපසු රැගෙන ඒමට සංවිධායකවරු පියවර ගෙන තිබුණහ.

ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක   සමග අමාත්‍යංශ ලේකම්  කපිල් ගුණවර්ධන  පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය  අනුර මනතුංග වවුනියාව මන්නාරම හා මුලතිව් ප්‍රාදේශීය පුරා විද්‍යා සහකාර අධ්‍යක්ෂ ආර්.ජී.ජයතිලක   හා සෙසු පුරා විද්‍යා නිලධාරීන්ද යුද හමුදා ප්‍රධානින් රැසක්ද මේ අවස්ථාවට සහභාගී වූ අතර කැණීම් කටයුතු ආරම්භ කිරීමට අමතරව සපුමල්ගස්කඩ විහාරයේ  දාගැබ  සංරක්ෂණය කිරීම සඳහා මුල්ගල තැබීම ද ආන්දම්කුලම රක්ෂිතයේ කැලය හෙළි කිරීමේ සිද්ධිය පිළිබඳව වූ නිරීක්ෂණ  චාරිකාවකටද අමාත්‍යවරයා ඇතුළු පිරිස සහභාගී වූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට යුද හමුදාවේ 59 වෙනි සේනාංකයේ  ආරක්ෂාව මධ්‍යයේ මුලතිව් කුරුන්දිමලෙයි විහාරාසන්න ප්‍රදේශයේ කැණීම් කටයුතු ආරම්භ කොට සිදු කරගෙන යයි.

Exit mobile version