කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයකට නායෙ යෑමේ රතු නිවේදන!

කීර්ති ප්‍රනාන්දු –

පවතින වැසි සහිත තත්ත්වය මත කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නිකුත් කර ඇති එම නිවේදනයට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල ,
රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇලපාත ,නිවිතිගල ,කලවාන සහ ඇහැලියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ
නිවේදනය නිකුත් කර ඇත .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මෙම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් දැනුම් දී සිටී  .

 

Exit mobile version