කුරුණෑගල ව්‍යාපාරිකයෙකුගේ නිවසකට වෙඩි

Gun Shoot

ඊයේ රාත්‍රියේ කුරුණෑගල යන්තම්පලාව ප්‍රදේශයේ නිවසකට කිසියම් පිරිසක් විසින් වෙඩි තබා පළා ගොස් ඇති බව වාර්තා වේ. කුරුණෑගල වැව රවුමේ පිහිටි හෝටලයක් හිමි ව්‍යාපාරිකයෙකුට අයත් මෙම නිවසට සිදු කළ වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම වෙඩි තැබීමත් පහුගිය 9 වැනිදා සවස කුරුණෑගල රජයට සම්බන්ධ නිවාස හා දේපළ විනාශ කිරීමේ සිද්ධීන් සමඟ සම්බන්ධයක් පවතී ද යන්න විමර්ශන අංශවල අවධානය යොමුව ඇති අතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Exit mobile version