කුරුණෑගල පුරපතිලාගේ පුරාවිද්‍යා අපරාධය ගැන අගමැතිට දුන් වාර්තාවේ නිර්දේශ මෙන්න

කුරුණෑගල නගරයේ ඇති පුරාවිද්‍යාත්මක ස්ථානයක් වන බුවනෙකබාහු රාජසභා මණ්ඩපය විනාශ කිරීමට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් අදාල පෞරාණික ඉදිකිරීම කඩිනමින් සංරක්ෂණය කිරීමට අදාළ ප්‍රතිපාදන විනාශයට වගකිව යුතු පුද්ගලයන් සහ ආයතන මඟින් ලබා ගත යුතු බවටත් ඒ පිළිබඳව විමර්ශණය කිරීමට අගමැතිවරයා විසින් පත් කර ලද කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා විසින් පත් කරන ලද කමිටුවේ අන්තර්කාලීන වාර්තාව අද (22) අගමැතිවරයාට වැනිදා) භාරදුන්හ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ටී. ජී. කුලතුංග, කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් ජී.ඒ. කිත්සිරි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැඩබලන සංවර්ධන අධ්‍යක්ෂ වාස්තු විද්‍යාඥ සුමේධා මාතොට සහ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පුරාවිද්‍යාඥ ප්‍රසාද් රණසිංහ යන මහත්ම මහත්මීම්න විසින් සකසන ලද මෙම වාර්තාවේ තවත් නිර්දේශයක් වන්නේ මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගැනීමය.


මෙම ස්ථානය ආසන්න මාර්ගය පුළුල් කිරිමේ සැලසුම් සංශෝධනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට යෝජනා කිරිම ද කමිටුවේ තවත් නිර්දේශයකි.

ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටසේ තිබූ පියස්සට හා ජනෙල්වලට හසිදුව ඇති හානි පුරාවිද්‍යාත්මකව සංරක්ෂණය කිරිමේ හැකියාව ඇති බවත් පිටුපස කොටසේ දැව බාල්ක හා බිත්ති මුලුමනින්ම විනාහ වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන් ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එම පැරණි කොටස යථා තත්ත්වයට පත්කිරිමේ හැකියාව පවතින බවත් කමිටුව පෙන්වා දී තිබේ.

Exit mobile version