කුඩු සළිඳු එක්ක ඩීල් දමා පොලිසියටත් නෝන්ඩි වූ පොලිස් ලොක්කෙක්  රටට ගෙන්වන සළිඳු ගැන පරීක්ෂණ තමන් යටතට ගැනීමේ උත්සාහයක…

salindu

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගන්නා ලද රටේ ප්‍රධාන සහ  ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ සළිඳු මල්ෂිත ගුණරත්න හෙවත් කුඩු සළිඳු යන අපරාධකරුවන් දෙදෙනා ශ්‍රී ලංකාවට ගෙන ඒමෙන් පසු ඔවුන් සම්බන්ධයෙන් පවත්වන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතට පත් නොකර වෙනත් නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතට පත් කිරීම සඳහා ප්‍රයත්නයක් ජ්‍යෙෂ්ඨ පොලිස් ලොක්කෙකුගේ බලපෑම මත  මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බව පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර  ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මෙම විමර්ශන තමන් යටතට ගැනීමට  කැස කවන පොලිස් ලොක්කා  කුඩු සළිඳු සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වනු ලැබූ පුද්ගලයෙක් යැයි මේ වනවිට කරුණු අනාවරණය වී ඇති බවය.

මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රධානියා කුඩු සළිඳු නැමැත්තා සමඟ පවත්වන සමීප සම්බන්ධතා ඔවුන් අතර හුවමාරු වූ දුරකථන ඇමතුම් වාර්තා අදාළ අංක සමඟම අනාවරණය වී ඇති බවත් මේ සියලු තොරතුරු බුද්ධි අංශ ගණනාවක් ඉහළ පෙළේ නිලධාරීන් වෙත වාර්තා කර ඇති බවත් සඳහන් වේ.

මෙම ආරංචි මාර්ග සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට  මෙම අපරාධකරුවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පත් නොකොට පොලිස් ලොක්කාට    හිතවත් පොලිස් නිලධාරියෙක් වෙත විමර්ශන ලබා දී  සළිඳු හා සම්බන්ධ තමන්ගේ  ජාවාරම් පිළිබඳ  සියලු තොරතුරු යටපත් කිරීම හෝ එම ප්‍රධාන සාක්ෂිය විනාශ කිරීමට සූදානම් බවය.


කෙසේ වුවද මේ වනවිට සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙක් ද සහිත සිව් දෙනකුගේ පොලිස් කණ්ඩායමක් මැඩගස්කරයට ගොස් සිටින අතර  හරක්කටා සහ කුඩු සළිඳු  ඉදිරි පැය 48 තුළ ශ්‍රි ලංකාවට ගෙන ඒමට නියමිතය.

මේ වනවිට මැඩගස්කර රාජ්‍යය සමඟ ඊට අදාළ නිල මට්ටමේ ලිපි ලේඛන සැකසෙමින් වතින අතර ශ්‍රි ලංකාවට ඔවුන් රැගෙන ඒමෙන් පසු අදාළ විමර්ශන  ආරම්භ වනු ඇතැයි මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රි ලංකාවේ   මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධද ප්‍රධාන අපරාධකරුවෙක්    විසින් ලබා දෙන තොරතුරක් මත ජාත්‍යන්තර රතු නිවේදන සහිත ව සිටි හරක් කටා පසුගියදා මැඩගස්කරයේ සිට වෙනත් රටකට ගමන් කිරීම සඳහා ගුවන් තොටුලට පැමිණි අවස්ථාවේ දී  අත් අඩංගුවට ගැනුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කුඩු සළිඳු ඇතුළු තවත් අට දෙනකු මැඩගස්කරයේ දී අත්අඩංගුවට පත් වී ඇත.

Exit mobile version