කුඩු ජාවාරම්මු පොලිසිය හා දේශපාලකයන් සමග එක්ව වත්කම් සැඟවීමේ මෙහෙයුමක….

දෙමටගොඩ චමින්දගේ කෝටි ගණනක වත්කම් රාජසන්තක කිරීමේ තීන්දුවෙන් පසු පාතාලයේ සිද්ධවෙන දේ....

දෙමටගොඩ චමින්ද නැමැති පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවාගේ කෝටි ගණනක දේපල සොයා ගෙන ඒවා රාජසන්තක කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  නීති විරෝධි වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය පියවර ගැනීමත් සමඟ කලබල වී සිටින ජාවාරම්කරුවෝ සිය දේපළ සහ වත්කම් රැක ගැනීමේ මෙහෙයුම් ආරම්භකර තිබෙන බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

ඒ සඳහා තමන්ට හිතවත් දේශපාලනඥයන්ගේ හයිය සහ පොලීසියේ ඉහළ නිලධාරීන්ගේ සහයද මේ වන විට ලබා ගනිමින් සිටින බව සඳහන්ය.

නීති විරෝධි වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය පිහිටුවීමට පියවර ගන්නේම පාතාලය මත්කුඩු ජාවාරම ඇතුළු නීති විරෝධී ජාවාරම්වලින් උපයාගත් දේපළ තහනම් කිරීමටත් ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමටත්ය. එම විමර්ශන සදහා විශේෂඥ දැනුමැති නිලධාරීන්ද එම කොට්ඨාසය අනුයුක්තකර ඒ අයට විශේෂ පුහුණුවීම්ද විමර්ශන කෙරන ආකාරයට ගැන ලබාදී ඇත.


දෙමටගොඩ චමින්දගේ දේපළ සිය භාරයට ගැනීමට මෙම කොට්ඨාසයේ නිලදධාරීන් පියවර ගැනීමත් සමඟ ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් ඒ සම්බන්ධයෙන් සිත් තැවුලට පත්ව සිටි බවද පොලීසිය තුළ ප්‍රසිද්ධ රහසකි.

නීති විරෝධි වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය විසින් කරගෙන යන ලබන විමර්ශන අඩාල කිරීම සඳහා මේ වන විටත් ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් මැදිහත් වෙමින් ඔවුන් යටතේ ඇති පොලිස් විමර්ශන අංශ යොදවා පාතාලයේ සහ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භකර ඇති බවද පොලිස් තොරතුරු සඳහන් කළේය.

එසේ විමර්ශන ආරම්භකර ඇත්තේද නීති විරෝධි වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන පවත්වන පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් කිහිප දෙනෙක් සම්බන්ධයෙනි.

පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ යම් පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ වත්කම් සම්බන්ධයෙන්  ඒ සම්බන්ධයෙන් නිසි දැනුමක් නොමැතිව විමර්ශනය කරන කණ්ඩායමක් විසින් නිසියාකාරව විමර්ශන පැවැත්වීමක් නොකළ හොත් අධිකරණයෙන් එම සැකකරුවන් නිදහස් වීමේ අවස්ථාව වැඩි බවය.

එසේ එක් විමර්ශනයකින් අපරාධකරු නිදහස ලැබුවහොත් නැවතත් නීති විරෝධි වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය හෝ වෙනත් පොලිස් ඒකකයට ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්විය නොහැකි වන බවත් මේ සිදුවන්නේ එවන් තත්ත්වයක් ඇති කරමින් පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් රැක ගැනීමක්ද යන්න පිළිබඳ සැකයක් ඇතිව තිබෙන බවද එම නිලධාරියා කීය.

මේ වන විට නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් විමර්ශන 900 කට වැඩි ප්‍රමාණයක් නීති විරෝධි වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරමින් පවතී. ඒ අතර විමර්ශන 315 ක්ම පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිවය.

ඒ අය අතර නමගිය මත්කුඩු ජාවාරම්කරුවන් සිටින බවත් ඒ අයගෙන් වැඩි දෙනෙක් පිටරටවල රැඳී සිටිමින් මෙරට මත්ක්ඩු ජාවාරමේ නිරතව සිටින බවත් සදහන්ය.

ඔවුන් ඉකුත් මැතිවරණවලදී දේශපාලනඥයන්ට මහා පරිමාණයෙන් මුදල් වැයකර ඇති අය බව කියන බුද්ධි අංශ මැතිවරණ කාලවලදී සිය ප්‍රධානීන්ට ලබාදුන් බුද්ධි වාර්තාවල ඒ ග්‍න සඳහන් බවද  අනාවරණය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නීති විරෝධි වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය මගින් තවත් විමර්ශන 611 ක් සිදුකරනුයේ මත්ද්‍රව්‍ය වලින් පිට වෙනත් නීති විරෝධී ක්‍රම මගින් මුදල් සහ දේපළ උපයා ගැනීම් සම්බන්ධයෙනි.

Exit mobile version