කුඩු ජාවරම්කරුවන් මාරවිල හෝටලයේ ඉංජිනේරු වෙස් ගෙන දින පහක් ඉඳලා

සටහන සේයා රූ
පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන

මාරවිල දී අද පෙරවරුවේ හෙරොයින් සහ අයිස් තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් ගනේමුල්ල හා දෙමටගොඩ පදිංචි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවට මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඔවුන් මාර්ග කාපට් කිරීමේ සමාගමක ඉංජිනේරුවරුන් ලෙස පෙනී සිටිමින් දකුණු තෝඩුවාව ප්‍රදේශයේ සංචාරක හෝටලයක දින පහක් තිස්සේ රැඳී සිට ඇති බවත් මූලික විමර්ශණවලදී අනාවරණය වී තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායි හි රැදී සිටින ප්‍රධාන පෙළේ ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් එවන ලද මත්ද්‍රව්‍ය තොගයක් බව සුරා බදු දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.


මෙම අයිස් හා හෙරොයින් මත් ද්‍රව්‍ය කිලෝ 199ක තොගය රුපියල් කෝටි 300ට ආසන්න වේ. එසේ අත්අඩංගුවට ගෙන තිබූ මත් ද්‍රව්‍ය තොගය අතර හෙරොයින් කිලෝ 99ක්ද, ඒ සමග අයිස් නැමති මත්ද්‍රව්‍යද කිලෝ 100ට ආසන්න ප්‍රමාණයක් තිබූ බව සුරාබදු නිලධාරීහු පවසයි.

අදාළ මත් ද්‍රව්‍ය තොගය මාරවිල දකුණු තොඩුවාවේ සිට සූක්ෂම ආකාරයෙන් දොඹකර ලොරි රථයක පටවන ලද විදුලි ජනක යන්ත්‍රයක රහසිගත ආකාරයෙන් සඟවා ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබිණි.

නාවික හමුදා බුද්ධි  අංශ සහ සුරාබදු  නිලදාරීන් විසින් සිදු කරන ලද එම වැටලීමේදී මත් ද්‍රව්‍ය ප්‍රවාහනයට සූදානම් කර තිබු දොඹකරය සහිත ලොරි රථය හා අදාල විදුලි ජනක යන්ත්‍රය සුඛෝපභෝගි මෝටර් රථ දෙකක් හා වෑන් රථයක් අත්අඩංගුවට පත් විය.

අත්අඩංගුවට පත් ජාවාරම්කරුවන් කලක සිට මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට මේ වන විට වාර්තා වී ඇති අතර, සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ඒ.බෝදරගම මහතාගේ උපදෙස් මත සුරාබදු කොමසාරිස් වසන්ත දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරික්ෂක චින්තක උඩපමුණුව සුරාබදු නිළධාරි ඩබ්ලිව්.එල්.ඩී. විජේසේකර මහතා සමග ඩබ්ලිව්.ජී.එස්.නිශාන්ත, ඒ.එම්.ප්‍රේමරත්න, අයි.සී. රත්නායක, රයිනිබයන්, එස්.පිලපිටිය, එන්.තලගල, සුරාබදු සැරයන් රණුර නජිත්සිංහ, ධම්මික හතුරුසිංහ, උපුල් නිලන්ත රාජපක්ෂ, නලින් ප්‍රියංකර, කේ.ඒකනායක, ගාමිණි හේරත්, රවින්ද්‍ර පෙරේරා ඇතුලු විස්සකට ආසන්න නිලධාරින් පිරිසක් වැටලීම සදහා එක්ව තිබුණි.

මත්ද්‍රව්‍ය සඟවා තිබෙන බවට තතු ලැබුණු රථය
ජෙනරේටරය තුළ පරීක්ෂා කිරීමට සැරසෙන අයුරු
හමුවූ මත්ද්‍රව්‍ය තොගය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සඟවා තිබී හමුවූ මත්ද්‍රව්‍ය පාර්සල් කර තිබූ අයුරු

Exit mobile version