කුඩු කිලෝ 300ක්, ගිනි අවි 05ක් සමග ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමුන් ඉන්දියාවේ අත් අඩංගුවට..

අත් අඩංගුවට ගන්නෙ ගැඹුරු මුහුදෙ දි... ට්‍රෝලරය ගිහින් තියෙන්නෙ රත්ගමින්...

මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 300ක් හා ගිනි අවි පහක් සහිතව ජාත්‍යාන්තර මුහුදේ සිට ලංකාව දෙසට එමින් සිටි ට්‍රෝලර් යාත්‍රාවක් ඊයේ ඉන්දීය වෙරළ ආරක්ෂක හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

දකුණේ තංගල්ල හා රත්ගම පුද්ගලයන් කණ්ඩායමක් යොදවා ලංකාවේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මීට සති දෙකකට පෙර මෙම ට්‍රෝලර් යාත්‍රාව ජාත්‍යාන්තර මුහුදට යවා තිබුණේ පකිස්ථානයේ සිට ඉරාණ නැවකින් පැමිණි මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ඒම සඳහාය.

මාලදිවයිනට ආසන්න මුහුදේ දී සිදුවී තිබුණු මෙම මත්ද්‍රව්‍ය තොග ගනුදෙණුවේ සියලු තොරතුරු ලංකාවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලැබී තිබුණි. මුහුදු සීමා පසුකර ලංකාවේ මුහුදු සීමාව තෙක් මේ ජාවාරම් කරුවන් පැමිණෙන තෙක් ඔවුන් බලා සිට තිබුණේ නාවික හමුදාව සමග එක්ව ඈත මුහුදේ කරන මෙහෙයුම් සඳහා විශාල වියදමක් දරන්නට සිදුවන නිසා බව කියැවේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මෙම තොරතුරු ලද ඉන්දීය බුද්ධි අංශ ලංකාවේ මුහුදු සීමාවට පැමිණෙන්ට පෙර මෙම මත්ද්‍රව්‍ය තොගය සමග ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

Exit mobile version