කුඩු අංජු ප්‍රංශ පොලිසියේ අත් අඩංගුවට….

ප්‍රංශයේ ජීවත් වෙමින් සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයෙක් මෙන්ම මත්කුඩු ජාවාරම් කරුවෙක් වූ රත්මලාන ගොනාකෝවිලේ කුඩු අංජු පුද්ගලික ආරවුලක් හේතුවෙන් ප්‍රංශයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

අංජු සහ අංජුගේ බිරිය අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් බිරිය ප්‍රංශ පොලිසියට කරන ලද පැමිණිල්ලක් හේතුවෙන් දින දෙකකට පෙර අත්අඩංගුවට ගෙන ඇති කුඩු අංජු සම්බන්ධව ප්‍රංශ ආරක්ෂක අංශ විසින් මෙරටට දන්වා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජාත්‍යාන්තර රතු වරෙන්තුවක් සහිව සිටින මෙම අපරාධකරු ලංකාවට ගෙන්වා ගැනීමට ඇති හැකියාව පිළිබඳ මේ වනවිට අපරාධ වමර්ශන අංශවල අවධානයට යොමු වී තිබේ.

Exit mobile version