කුඩා කාර්, වෑන්, බට්ටා ලොරි කොටඋඩ යවන දැඩි ටයර් හිගයක්!

තොග ඇති වෙළෙන්ඳෝ හිතු ගණන්වලට ටයර් විකුණති

ශ්‍රි ලංකාවේ ටයර් වෙළෙඳපොලේ වැඩිම ඉල්ලුමක් පවතින ප්‍රමාණ සහිත ටයර් ආනයනය තහනම් කිරීම හේතුවෙන් දැඩි ටයර් හිගයක් නිර්මාණය වී ඇති බව වෙළෙන්දෝ සහ පාරිබෝගිකයෝ පවසති.

කලින් සමස්ත ටයර් වෙළෙඳපොලේම දැඩි හිගයක් පැවතුණද සෙසු වාහනප්‍රමාණය සඳහා පැවැති ආනයන සීමා සිහිල්කිරීම හේතුවෙන් මේ වනවිට කෙමෙන් එම ටයර් ආනයන සිදුවන නමුත් මෙරට වැඩිම වාහන ප්‍රමානයක් සඳහා භාවිත කරන ටයර් සඳහා තවදුරටත් ආනයන සීමා ක්‍රියාත්මක වීම හේතුවෙන් සීමිත තොග පවතින වෙළෙඳුන් සියයට 50ක් පමණ වැඩි මිලකට ටයර් අලෙවි කරන බව පාරිභෝගිකයො පවසති.

මේ පිළිබඳව ලංකාසර කළ සොයා බැලීමේදී පෙනී ගියේ මෙරට අලෙවි වන සමස්ත ටයර්වලින් සියයට 10ත් 15ත් අතර වන වැඩිම ප්‍රතිශතය රිම් ප්‍රමාණ 12 සහ 13 වාහන සඳහා අවශ්‍ය වන ටයර්ය. වාර්ෂිකව මෙරටට අවශ්‍ය එවැනි ටයර් ප්‍රමාණය ලක්ෂ 1 1/2 – 2ත් අතර අගයක් ගනී.


ටාටා බට්ටා, මරුටි, වැගන් ආර්, කුඩා වෑන් වැනි කුඩා ප්‍රමාණයේ වාහන සඳහා මෙම ටයර් භාවිත වන අතර කුඩා පරිමාණ ව්‍යවසායකයන්, ගොවි ජනතාව තම නිෂ්පාදන බෙදා හැරීම සහ වානිජ කටයුතුවලට භාවිත කරන්නේ කුඩා ප්‍රමාණයේ ට්‍රක් රථ ය.

එමෙන්ම මෙරට සාමාන්‍ය ජනතාව අතර බහුලව ම භාවිත වන කුඩා ඉන්දියාවේ සහ ජපානයේ නිෂ්පාදිත කුඩා ප්‍රමාණයේ කාර් සඳහා මෙන්ම කුඩා ප්‍රමාණයේ වෑන් රථ සඳහා ද භාවිත වන්නේ එම ප්‍රමාණයේ ටයර්ය.

කොවිඩ් වසංගතයක් සමඟ බිඳ වැටෙන ආර්ථිකය සම්බන්ධයෙන් කරන ලද විදේශීය ආනයනික ද්‍රව්‍ය පාලනය කිරිමේදී ටයර් ආනයනයටද සීමා පැනවිණි. මේ අනුව සියලුම ටයර් ආනයනය නැවැත්වූ අතර දේශීය නිෂ්පාදකයාට මෙම ඉල්ලුම සැපිරීම අපහසු විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ශ්‍රි ලංකාවේ සමස්ත ටයර් නිෂ්පාදනයෙන් දේශීය ව නිපදවෙන්නේ. මෙය තව වැඩි කිරීමට අලුතින් හොරණ ආරම්භ කළ ටයර් නිෂ්පාදන සමාගමට හැකි වනු ඇතියි අපේකෂා කළත් තවමත් එම සමාගමට මෙරට ඉල්ලුම සුපරාලීමට තවත් කාලයක් ගත වෙවි. මේ තත්ත්වය නිසා අදටත් මෙරට ටයර් අවශ්‍යතාවෙන් සියයට 55ක් පමණම ආනයනය කිරීමට සිදුවෙනවා. පසුගිය වසර් අප්‍රියෙල් මාසයේදී දැමූ ආනයන සීමා මත ටයර් ගෙන්වීම සම්පූර්ණයෙන් නැවතුණා. රටේ පැවති තොග අහවර වීමත් සමඟ වෙළෙඳපොලේ ටයර් හිගයක් ඇති වුණා. මේ තත්ත්වය මත පසුගිය වසරේ අග භාගයේදි එනම් දෙසැම්බර් 24 වැනිදා සියලුම ටයර් සඳහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කළා. එසේ වුවත් දෙසැම්බර් 31 වැනිදා යළිත් 12 සහ 13 රිම් ප්‍රමාණයේ ටයර් සඳහා රජය තහනමත් පැනවුවා. මේ නිසා කිසිදු අපනයනකරුවකුට ටයර් ගෙන්වීමට හැකි වුණේ නැහැ. මේ තත්ත්වය මත මෙරට වැඩිම ඉල්ලුමක් තිබෙන ටයර් ප්‍රමාණයේ විශාල හිගයක් නිර්මාණය වී තිබෙනවා.“ යයි මෙරට ප්‍රධාන ටයර් ආනයන සමාගමක ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙක් ලංකාසරට පැවසීය.
ඔවුන්ට පවතින එකම විකල්පය දේශීය නිෂ්පාදකයා වුවද එම ටයරය ඇතැම් වාහන හිමියන් ප්‍රිය නොකිරීම මෙන්ම ඔවුන්ගේ සැපයුම ප්‍රමාණවත් නොවීම හේතුවෙන් බරපතල හිගයක් වෙළෙඳපොලේ පවතින බව ඔහු පෙන්වා දුන්නේය. ඔහු එහිදී තවදුරටත් සඳහන් කළේ අවම වශයෙන් මෙරට නිෂ්පාදකයන් දෙදෙනකු හෝ මෙම ප්‍රමාණයේ ටයර් ප්‍රමාණවත් තරම් වෙළෙඳපොළට නිකුත් කරනතෙක් සීමා සහිත පසුබිමකින් හෝ ටයර් ආනයනයට ඉඩ දිය යුතු බවය . මේ වනවිටද ඇතැම් කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ මෝටර් රථ හිමියන්ට ටයර් සොයා රට පුරා ඇවිදින්නට සිදුව ඇති බවත් තිබෙන වෙළෙඳුන් ළඟින් ඉතා වැඩි මිලකට ටයර් ලබා ගැනීමට හෝ වාහනය කොට උඩ තබාගෙන සිටින තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

Exit mobile version