කුට්ටුමනී ගේ බිරිය එස්.රාසරූපරාජිනී ලන්ඩනයේදී මිය යයි

දිනසේන රතුගමගේ –

ටෙලෝ සංවිධානය නිර්මාණය කිරීමට දායක වූ කුට්ටුමනී (සෙල්වරාජා යෝගචන්ද්‍රන්) ගේ බිරිය එස්.රාසරූපරාජිනී ලන්ඩනයේදී ඊයේ (05)දා මියගිය බව ටෙලෝ සංවිධානය නිවේදනය කොට සිටියි.

මියයන විට අවුරුදු හැත්තෑ නවයක් වු ඇයගේ ආදාහන කටයුතු ලන්ඩනයේදී සිදු  කරණ බවද එම නිවේදනයේ සදහන් වෙයි.

සෙල්වරාජා යෝගචන්ද්‍රන් හෙවත් කුට්ටමනී යනු උතුරේ සම්ප්‍රදායික දේශපාලනයට විකල්පයක් ලෙස වර්ෂ 1969 දී වැල්වටිතුරෙයි ආශ්‍රිතව බිහිවන මුල්ම තරුණ දෙමළ කණ්ඩායමේ සාමාජිකයෙකි. එහ හැඳන්වුයේ තංගදුරේ කල්ලිය නමිනි.  මුල්ම තරුණ කල්ලිය ඇති වෙන්නේ 1969 වැල්ලටිතුරේ ප්‍රදේශයේදී. ඒ තංගදුරේ කල්ලිය​. නඩරාජා තංගවේලු (තංගදුරේ ) නැමැත්තාගේ නායකත්වයෙන් ඇරඹෙන මෙම කල්ලියේ  සාමාජිකයන් වූයයේ.
වර්ෂ 1973 දී තංගදුරේ කල්ලිය “දෙමළ විමුක්ති සංවිධානය” (Tamil Liberation Organization) – TELO නමින්  සමාජ ගත වූහ. ටෙලෝ සංවිධානය 1973 දී ආරම්භ වන්නේ  නඩරාජා තංගවේලු (තංගදුරේ) – නායක,​ සෙල්වරාජා යෝගචන්ද්‍රන් (කුට්ටමනී) හා ශ්‍රී සභාරත්නම් විසිනි. පුලුල් මහජන සභාගීත්වයක් සහිත සංවාදශීලී දේශපාලනයක් අරමුණු කරගත් ටෙලෝ සංවිධානයේ දෙවැනි නායක කුට්ටමනී යාපනයේ ජනතාව අතර විශාල ජනප්‍රියත්වයක් හිමි කරගත්තේය.
ඔවුන් තමිල්නාඩු දේශපාලන පක්‍ෂ සහ රෝ සංවිධානය සමඟ සබඳකම් ඇති කර ගත්හ. උතුරේ සන්නද්ධ කණ්ඩායම් අතරින් වැඩිම ඉන්දියානු සබඳකම් පැවතියේ කුට්ටමනීගේ ටෙලෝ සංවිධානයටය​.
කුට්ටමනී පොලිස් අත්අංගුවට පත් වූ අතර නඩු විභාගයකින් අනතුරුව මරණීය දණ්ඩනය නියම වූයේය. එහෙත් රටේ නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ ලැබුණේ නැත.
වර්ෂ 1983 ජූලි මස 25 වැනි දින රජයේ අත්අඩංගුවේ සිටිය දී වැලිකඩ බන්ධනාගාරය තුළ  කුට්ටමනීත්,  ඒ තන්ගරාජා තංගවේලු හෙවත් තන්ගතුරායි නැමැති අනෙක් ටෙලෝ නායකයාත් ඇතුළු දෙමළ දේශපාලන  සිරකරුවෝ තිස් පස් දෙනෙක් ඝාතනය විය.


Kuttmuni-Tamil-
කුට්ටමනී පොලිස් අත්අඩංගුවේ පසු වූ අවස්ථාව

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අතිශය අශිෂ්ට ප්‍රකාශනය වන්නේ කැරැල්ලක් බව කී ඒ ඝාතන වියරුවෙන් දින දෙකට පසු , එනම් ජූලි මස 27 දින ඒ ආකාරයෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ දී තවත් දෙමළ සිරකරුවන් 17 දෙනෙක් ඝාතනය වීමය.  සමූල ඝාතනය වූ සිරකරුවන් ගණන පනස් තුන් දෙනෙකි.
මෙම ඝාතන  කලු ජූලිය තරම්ම  ජාත්‍යන්තරයෙන් රටට අප්‍රසාදයක් ගෙනාවේය.  කුට්ටමනීගේ පවුල ඉන් අනතුරුව රටින් පිටවී ගියහ.
කුට්ටමනී මිය ගොස් අවුරුදු 37කට පසු ඔහුගේ  බිරිය එස්.රාසරූපරාජිනී ලන්ඩනයේ දී මිය ගිය බව වාර්තා විය.

Exit mobile version