කුකුළු මස් මිල අතාර්කිකයි… මිල පාලනයක් පනවන්නැයි සත්ත්ව නිශ්පාදකයෝ රජයෙන් ඉල්ලති!

කීර්ති ප්‍රනාන්දු – 

කුකුළු මස් මිල ඉහළ යන්නේ ඉතාම අතාර්කිකව බවත්, නිශ්පාදකයා විසින් කුකුළු මස් කිලෝවක් වෙළෙන්දන්ට අලෙවි කරන්නේ  හම සහිත රුපියල් 850ත් -900ත් අතර මිලකට සහ හම රහිත රුපියල් 1150 -1200කට බවත්  ජාතික සත්ත්ව නිශ්පාදකයින්ගේ කැඳවුම්කරු සුජීව ධම්මික පවසයි.

අද පවතින මේ ඉහළ මිල ගණන්වලට හේතුව  ශීතාගාරවල කුකුළුමස් තබාගෙන අලෙවි කරන මහා පරිමාණ   වෙළෙන්දන් කීප දෙනෙක් කෘතිමව ඇති කළ හිඟයක් මත ඇති වුන අතාර්කික   තත්ත්වයක් බවත් ඔහු පෙන්වා දෙයි.

කුකුළු පැටියෙක් රුපියල් 600ක් දක්වා මිල ඉහළ ගිය මේ අවස්ථාවේ වුවද දවස් 45ක්  එම සතාව නඩත්තු කිරිම වෙනුවෙන් දරන්නට සිදුවන නිශ්පාදන පිරිවැය කිලෝවක් සඳහා රුපියල් 750 පමණ වන බව පවසන සුජීව ධම්මික කිසිසේත්ම රුපියල් 1500කට ආසන්න මිලකට කුකුළු මස් කිලෝවක් ඉහළ යා නොහැකි බව පෙන්වා දෙයි.

මේ තත්ත්වය තුළ පාරිභෝගිකයා හා නිශ්පාදකයා අතර නිස්කාරණ බද්ධ වෛරයක් ඇතිවීම  සිදුවන බවත් අවසානයේ දී කුකුළු මස් රටින් ගෙන්වන තැනට වැඩ යෙදෙන බවත් ඔහු කියයි.


මේ සම්බන්ධව නිශ්චිත මැදිහත් වීමක් සත්ත්ව නිශ්පාදන දෙපාර්තමේන්තුවට කළ හැකි බවත්, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහාම  ඇති පශු වෛද්‍ය ඒකක හරහා මේ කටයුතු සම්බන්ධීකරණය කළ හැකි විධිමත් ජාලයක් පවතින බවත් පෙන්වා දෙන සුජීව ධම්මික බිත්තර ආනයනය කිරීම සම්බන්ධව ඇති වූ ප්‍රශ්නයේ දී ප්‍රායෝගික තලයේ සිට ක්‍රියාත්මක වුන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලද අත්දැකීම අනුව මේ වනවිට දෙපාර්තමේන්තුව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන් පෙන්වා දෙන්නේ කුකුළු මස් සඳහා මිල පාලනයක් පැනවීම අනිවාර්යයෙන් සිදුවිය යුත්තක් බවය.

Exit mobile version