කිළිනොච්චි තල් රා මදින්නන් 04ක් මාරාන්තික උපවාසයක…

දිනසේන රතුගමගේ –

කිළිනොච්චියේ තල් රා මදින්නන්ගේ සමුපකාර සමීතියේ හිටපු නිලධාරීන්  හතර දෙනෙකු විසින් ඉල්ලීම් හතරක් මුල් කරගෙන ආරම්භ කොට ඇති  මාරාන්තික උපවාසයේ හතරවන දිනය වූ 19 වෙනිදා ඔවුන්ගේ ඉල්ලීම් ගැන සලකා බැලීමට දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන්   එම ස්ථානයට ගොස් තිබේ.

කිළිනොච්චියේ රා මදින්නන්ගේ සමුපකාර සමිතිය  මීට වසර දෙකකට ඉහත සිදු වූ මුල්‍ය වංචාවක් නිසා අහෝසි කර තිබිණි.   මාරාන්තික උපවාසයේ නිරත හතර දෙනාගේ ඉල්ලීම වී ඇත්තේ කාරණා හතරක් මුල් කරගෙන ඒ ඔස්සේ තල් රා කර්මාන්තයේ  නියැලී සිටින නිසා ඔවුන්ට සමුපකාර සමිතියක් අවශ්‍ය බවය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සමූපකාර සමිතියක් නොමැති නිසා ඔවුන් නිෂ්පාදනය කරන තල් රා වලට නිසි මිලක් නොලැබෙන බැවින් අලුතින් යළි සමූපකාර සමිතියක් පිහිටුවීමට කටයුතූ යොදන ලෙස ඉල්ලමින් මේ මාරාන්තික උපවාසය දියත් කොට ඇත.


 

Exit mobile version