කිළිනොච්චියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 17යි…  ශීතල දරා ගත නොහැකිව උතුරු පළාතේ   කිරි ගවයින් සහ එළුවන් 500ක් මිය ගිහින්….

දියසේන රතුගමගේ – 

මේ දිනවල රට පුරා ඇති වී තිබෙන  අයහපත් කාලගුණික තත්ත්වයෙන් කිරි ගවයින් 500කට ආසන්න ප්‍රමාණයක් මියැදී ඇති බව ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය පවසයි.

පශූ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නුවන් හේවාගමගේ සඳහන් කළේ ගවයන් 316 දෙනෙකු සහ එළුවන් 170ක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

මියගිය කිරි ගවයින් 165 දෙනෙකු සහ එළුවන් 07 දෙනෙකුගේ සිරුරු කිලිනොච්චියේ කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොන්නගර් ප්‍රදේශයෙන් හමු වී ඇත.

මෙම ගවයින් සහ එළුවන් ගව මඩුවල මෙන් ම වීදිවල ද තැනින් තැන මියැදී සිට ඇත.


ගිනි මැල ගසා සතුන් උණුසුම් කරන ගොවීන්…

ශීතලට ඔරොත්තු නොදී රෝගීව මිය යන සතුන් රැක ගැනීම සඳහා     ගම්වාසීන් විසින් එම සතුන් සිටින ස්ථානවල ගිනිමැල ගසා උණුසුම් කරමින් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිලිනොච්චියේ පසුගිය දින දෙක තුළ දී පරිසර උෂ්ණත්වය සඳහන් වූයේ සෙල්සියස් අංශක 17ක් ලෙසය.

 

Exit mobile version