කිලෝ එක 3000ටත් විකුණලා… වැඩිමිලට කහ වික්ක මාතර වෙළෙන්දෝ දඩ කති

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාතර  – සම්පත් –

මාතර දිස්ත්‍රික්කයේ කහ කුඩු වැඩි මිලට විකුණා පාරිභෝගික අධිකාරියට හසුවූ වෙළඳුන්ට නඩු පවරා රු.70,000 ක මුදලක් දඩ වශයෙන් අයකර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාතර දිස්ත්‍රික් ප්‍රධානී සඳහන් කරයි.
මේ දිනවල වෙළඳපොලේ පවතින කහ කුඩු හිඟය ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් වෙළඳුන් කහ කුඩු කිලෝව රුපියල් 3000 ක මිලකට විකුණා හසු වූ බවත් කහ කුඩු සඳහා පාලන මිල රු.750 ක් වන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාතර දිස්ත්‍රික් ප්‍රධානී වැඩි දුරටත් පැවසී ය.
ඇතැම් වෙළඳුන් කහ කුඩු සමඟ වෙනත් විවිධ පිටි වර්ග මිශ්‍ර කරන බවට ද පාරිභෝගිකයන්ගෙන් පැමිණිලි ලැබී තිබේ.
මෙය යථා තත්ත්වයට පත්වන තුරු වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාතර දිස්ත්‍රික් ප්‍රධානී තව දුරටත් පැවසී ය.
Attachments area

Exit mobile version