කිලිනොච්චියේ ලඳු කැලෑවක අත්හැර ගිය සුඛෝපභෝගී වාහනයක් ගැන පරීක්ෂණ

දිනසේන  රතුගමගේ

කිළිනොච්චියේ ඉයක්කච්චි අනෙයිමිත්ත ප්‍රදේශයේ ලඳු කැළෑවක දමා ගොස් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් 14 දා ආරක්ෂක අංශ විසින් ඔවුන්ගේ බාරයට ගෙන තිබේ.

මෙම මෝටර් රථය දකුණු පළාතේ සිට උතුරට පැහැර ගෙන එන්නට ඇතැයි සැක කරන පොලීසිය මෙම මෝටර් රථය යොදා ගෙන කිසියම් අපරාධයක් සිදු කොට ඇද්දැයි සෙවීම සඳහා පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් පැමිණ මෝටර් රථයේ දොරවල් විවෘත කොට සම්පූර්ණයෙන්ම මෝටර් රථය පරීක්ෂා කොට ඇතත් ඒ තුළ තිබී කිසිදු සැකකටයුතු යමක් හමු වී නොමැත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධයෙන් පලෙයි පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Exit mobile version